9. Confession - part 3

165 21 11
                                    

අද කතාවෙ මුල් ටික කියන්නෙ ඕතරී 😌.
........................................................................

ශාන් කොලුවා එදා ඉස්කෝලෙ ඉවරවෙලා වෙනදා වගේ රස්තියාදු ගහන්නෙත් නැතුව කෙලින්ම ගෙදර ආවෙ  එයාගෙ කුමාරිකාව එනකොට කුමාරයා වගේ ලෑස්ති වෙලා ඉන්න ඕනි නිසා. නාගෙන එහෙම ඇඳට පැනලා මොකද්ද අඳින්නේ කියලා කල්පනා කර කර ඉන්නකොට එයාට සනීපෙට නින්ද ගියානි.😁
අපේ ශාන් කොලුවා තනූ කුමාරි ගැන කොච්චර හිත හිත හිටියද කියනව නම් ඒ දවල් නින්දෙනුත් හීනෙන් දැක්කෙ එයා එක්ක ඉන්න හීනයක්. ඒ අතරතුර තමා සීයා එයාට කතා කළේ. හීනෙත් බාගෙට දැක දැක ඉඳලා ඇහැරුණු එයා මඤ්ඤං වෙලා වගේ සොම්බි ගමනින් ගියේ දැක දැක හිටපු හීනෙ වත් බලලා ඉවර කරන්න දුන්නෙ නැති එකට සීයට හිතින් බැන බැන.
අනේ අනේ මොස්ට ශාන් කොලුවෝ. හීන දැක්කා ඇති ඉතින්. ඔන්න කුමාරිකාව ඇවිල්ලා.
තනූව දැක්ක ගමන්ම අඩ නින්දෙන් වගේ හිටපු ශාන් ඉලෙක්ට්‍රිකල් ශොක් එකක් වැදිලා වගේ ගේ ඇතුළට දිව්වා.
ඔව් . ඔව්. ඔහොම නම් බෑ තමා. 😌. හැන්ඩියා වගේ ඉන්න එපායෑ.
කහපාටට හුරු ශර්ට් එකකුයි ට්‍රෞසර් එකකුයිත් ඇඳලා , ඉක්මනින්ම කොණ්ඩෙත් හදාගත්තු අපේ මේ ශාන් කොලුවා ආයිත් තනූව මුණගැහෙන්න යනකොට තනූගෙ heart එක නැවතුණා වගේ වුණා කියලා අපි හැමෝම දන්නවා නී..
තමන්ගෙ හැන්ඩි look එක ඉස්මතු වෙන්න fashion කරන්න මේ කොල්ලට පුළුවන් වගේම ප්‍රවීණ සිනමා නිළියකට වඩා හොඳට nerd භූමිකාව රඟපාන්න තනූ කෙල්ලටත් පුළුවන්.

දැන් ඉතින් එතකොට මේ දෙන්නගෙන් කවුරු දිනයිද ? ඒක දන්නෙ ඉතින් ඕතරී වෙච්ච මම විතරයි . 😌

ශාන් පාඩම් කාමරේ පැත්තට යන අතරතුර එයාට ලැබුණු trophies, medals, certificates එහෙමත් තනූට හොඳට පේන විදියට ගමන වරින් වර slow කරන්නත් අමතක කළේ නෑ. ඒ වගේම desk එකට වෙලා අමාරු පාඩම් මොනවද කියලා තනූ අහන අතරේ ශාන් කළේ එයාගෙ ඉස්සරහ ඉන්න මේ කෙල්ලගෙ කොණ්ඩෙ ගොතන්නෙ නැතුව පැත්තට බෙදලා කඩාහැරල තිබ්බා නම් තවත් ලස්සනයි නේද කියලා කල්පනා කරපු එක. ඒ අස්සෙ ටයිගර් බලු තඩියා බුරපු එකත් හොඳයි. නැත්නම් අහන ප්‍රශ්නවලට උත්තර දීගන්න බැරුව ශාන් කොල්ලා අසරණ වෙනවා නි. මට වෙලාවකට හිතෙනවා මේ කතාවේ main role එක අපේ ටයිගර්ට දුන්නා නම් හොඳයි ද කියල. ඒකට හේතුවක් පස්සේ ඔයාලට තේරෙයි.
ටයිගර්ට තනූව පේන්නෙ නැති වෙන්න curtains දාන්නම් කියපු වෙලාවෙ ශාන් ගෙ හිත ඇතුළෙ කුපාඩි හිනාවක් ඇඳුණෙ නෑ කිව්වොත් මම කියන්නෙ බොරු වෙනවා. 😉
කොහොමින් කොහොමහරි ශාන් පාඩමටත් අවදානය යොමු කළේ තාත්තාට වැඳලා වැඳලා උදාකරගත්ත මේ අවස්ථාව නැති කරගන්න බැරි නිසා.

මායාවී 🥀 [MAYAWI] ✔️Where stories live. Discover now