Part - 26

85 15 17
                                    

"අනේ..................... 😭😭😭😭. අනේ..... එපා. ඇ.තී.................... "

තනුරි පුළුවන් උපරිම ශබ්දයෙන් හඬමින් හිටියා. කොණ්දෙන් පහළ හිරි වැටෙන්න injection එකක් විදින ගමන් තිබුණේ. තනූ Canada ඇවිල්ල මේ තුන්වෙනි දවස. අද තමයි එයාගෙ oparation එක තියෙන්නෙ.

"හරි. හරි. තව චූට්ටයි. ඉවසන් ඉන්නකො. ආ දැන් හරි.

බොරුවට නි බයවුණේ ඉතින්. "

ශාන් තනුරිගෙ හිස අතගාන ගමන් එයාව අස්වසාලමින් කිව්වා.
Doctors ලා පැළඳ තිබුණ mask ඇතුළෙන් හිනාවෙන බව හොඳටම පෙනුණා.
සිංහල නොතේරුණත් එයාලටත් ශාන් කිව්ව දේ ඉවෙන් වගේ තේරෙන්න ඇති. තේනුවර අයියා theater එක ඉස්සරහා අඩි ගණන් කරනවා.

පැය ගණනක මහන්සියෙන් පස්සේ oparation එක සාර්ථකව අවසන් වුණා. Doctors ලා තනූ සහ ශාන්ට සුභ පැතුවා.



තනුරිට නම් වෙච්ච දේ හිතාගන්න බැරුව තවමත් අන්ද මන්ද වෙලා. දීපු pain killers වලට එයාට එහෙම්මම නින්ද ගියා.

තේනුවර අයියා පුළුවන් ඉක්මනින්ම අම්මට call කරලා මේ සුභ ආරංචිය කිව්වා. ඒ වෙලාවෙත් නාලිනී එක්ක හිටපු දිලීගේ තොරතෝංචියක් නැති සුභපැතීම් ඉවරවෙනකකොට අයියගෙ කනෙන් බාගයක් ගෙවිලා ගිහිල්ලා තිබ්බා. ඒ අතරතුර උපදෙසුත් ගොඩාරියයි.

.
.
.
.
.
.
.

ශාන් හිතේ තිබුණු ලොකු බරකින් නිදහස් වෙලා හිටියේ. තනූගෙ ඇඳේම පැත්තකින් ඔළුව තියාගෙන එයාටත් නින්ද ගියා.

පැය කීපයක් ගෙවෙන්න ඇති. දැන් තමයි සෙල්ලම පටන් ගත්තේ.

තනූ ගාවින් දැන් ඇහෙන්නෙ සාමාන්‍යය ඇඬීමක් නෙවෙයි. එයා හූ තියන්නෙ වේදනාවෙන්. තුවාලයේ හිරි ගිහිල්ලා තිබුණා. අඩ නින්දේ හිටපු ශාන් බයවුණු පාර ඇදේ වත්තමේ ඔළුවත් වැදුණා.

" දැවිල්ලා...............යි. "
ඒ තනූ.

"හරි. හරි. බයවෙන්න එපා. දැන් oparation එක ඉවරයි නි. දැන් මොකටද බයවෙන්නේ. කලබල වෙන්නෙ නැතුව මේ බෙහෙත් ටික බීලා ඉන්න. ශාන් තමන්ගෙ ඔළුවත් අතගාගන්න ගමන් කිව්වා. එයා තාමත් අඩ නින්දේ වගේ."

" තමුසෙට ඕකද දැන් අමාරුව. දැවිල්ලයි මනුස්සයෝ..... ආපහු මාව හිරිවට්ටන්න කියනවා. නෑ. මේ පාර සිහියම නැති කරන්න කියන්න. ආව්....... 😣 "

මායාවී 🥀 [MAYAWI] ✔️Where stories live. Discover now