7. Confession- part 1

181 19 1
                                    

දවස් කීපයක් ඒ වෙච්ච සිද්ධියේ උණුසුම තිබුණත් ටික කාලයකින් හැමෝට ඒ ගැන ටික ටික අමතක වෙන්න පටන් අරන්.. එක්කෙනෙකුට හැර. ඒ ඉතින් වෙන කවුරුත් නෙවෙයි ශාන්. තමන්ගේ ජීවිතේට වෙච්ච භයානකම සිද්ධිය එයා කොහොම අමතක කරන්නද.
මේ විදියට කාලය ගෙවිලා යන අතරමග ශාන්ගෙයි තනූගෙයි ආදර කතාවේ අලුත් පිටුවක් පෙරෙළෙන්න ඕනි කරන හැමදේම ශාන් සූදානම් කරලයි තිබුණේ.
.
.
.
.
.
.
.
.
.
.

Thanu's P.O.V.

මම ඉස්කෝලේ ඉවරවෙලා දිලිකිත් එක්ක ගෙදර යන්න පිටත් වුණා. ඉස්කෝලේ gate එක ළගඳි කවුද කෙනෙක් මගෙ නම කියලා කතා කරනවා මට ඇහුණා. විශ්වාස කරන්නත් බෑ..ඒ පියල් uncle. ශාන්ගෙ තාත්තා..එච්චර ප්‍රසිද්ධ කෙනෙක් ඇයි මට කතා කරන්නෙ. බලමුකෝ මොකටද කියලා.

සර් මටද කතා කළේ

ඔයාට තමයි දරුවෝ. ඔයා නේද තනුරි කියන්නෙ. අපේ පුතාගෙ class එකේම ඉන්නේ.

ආ ඔව් සර්. ඇයි දන්නෑ මට කතා කළේ.

පුතේ මම ගුරුවරයෙක් නෙවෙයි නි. ඇයි මට සර් කියන්නෙ. මටත් ඉන්නෙ ඔයාගෙ වයසෙම දරුවෙක් නි. මට uncle හරි , මාමෙ හරි කියන්නකො.
පුතේ ඒක නෙවෙයි. ඔයා කැමති නම් මම කැමතියි ඔයාට පොඩි වැඩක් භාරදෙන්න.

ඒ මොකද්ද uncle?

නෑ පුතේ එහෙමම දේකුත් නෙවෙයි. මට අහන්න හම්බුණා පුතා තමා ඉස්කෝලේ maths වලින් grade first කියලා. දන්නවනි පුතේ. තව මාස කීපයයි නි තියෙන්නෙ විභාගෙට. අපේ එකා වැඩක් කරන්නෙත් නෑනෙ හරියට. මෙහෙම ගියොත් විභාගෙට මොනවා කරගනීද මන්දා. දූට පුළුවන්ද වෙලාව තියෙන විදියට අපේ එක්කෙනාට පොඩ්ඩක් ඔය නොතේරුණු පාඩම් ටිකක් එහෙම කියලා දෙන්න. ගෑණු ළමයෙක් උගන්නන හින්දා දාංගලේ නවත්තල වත් ඉන්නෙ නැතෑ.

අනේ uncle එහෙම හිතන්න එපා. ඔය දැන් වැඩ නොකළට කොහොමහරි විභාගෙ ගොඩදාගනී. පිරිමි ළමයි කොහොමත් එහෙම නි.

අනේ මොන පිස්සුද පුතේ. මටනම් බයේ බෑ. සල්ලි එහෙම නම් ප්‍රශ්නයක් නෙවෙයි පුතේ. සාධාරණ ගාණක් ගෙවන්නම්. ඒ වගේද අපේ එකා ගොඩගියොත්.

Uncle අනේ please. මම සල්ලි ගැන හිතලා නෙවෙයි එහෙම කිව්වෙ. මගෙ යාළුවෙක්ව ගොඩදාන්න මම අකමැති වෙනවද. හරි මට සඳුදයි, සිකුරාදයි class නෑ. ඒ දවස් දෙකේ ශාන්ට පුළුවන් නම් කියන්නකො.

මායාවී 🥀 [MAYAWI] ✔️Where stories live. Discover now