1.පාසල් දවසක්

569 23 11
                                    

දිලී: අනේ බන්. ඔය හීන ලෝකෙන් දැන්වත් එළියට වරෙන්කෝ 😑.

තනූ: ආ.. ඇයි ඇයි මොකෝ වුණේ ?🙄

දිලී: මොකෝ තමා. Homework කරලද ඔය උඩ බලන් ඉන්නෙ. තව පොඩ්ඩෙන් bell එකත් ගහයි. ලිහාම් බන් මේ ටික. මටත් එක්ක වස ලැජ්ජාව.

තනූ: අප්පටසිරි. කළේ නෑ බන්. කාගෙ පොතද ඔය?

දිලී: මම දන්නව කළේ නෑ කියල. ඊයෙ නටල නටල නිදාගත්තා මිසක් වැඩක් කළායැ. මේ ශාක්‍යා ගෙ පොත.

තනූ: උඹ ලියල ඉවරවෙලා මටත් දියම්කො.

දිලී: දැන් එච්චර වෙලා නෑ බම් 7.30 ට්ට කිට්ටුයිනි. මොකෝ කියන්නෙ අලුත් පොතක් ගන්න තමා වෙන්නෙ දැන් නම්. සර් කාරයාගෙන් ගුටි පූජාව කනවට වඩා හොඳයි නි.

තනූ: ඉක්මනින් යං. Bookshop එක වහන්න කලින්.

මේ දෙබස ඇතිවුණේ තනූ සහ එයාගෙ හොඳම යාළුවා දිලී අතර. එහෙම කිව්වට මේ දෙන්නා අතර යාළුකමකටත් වඩා තිබුණෙ සහෝදර බැඳීමක් කිව්වොත් තමා හරි. මෙයාලා අඳුරන්නෙ එයාලට අවුරුදු 1,2 කාලේ විතර ඉඳලමයි. තනුරිගෙ ගෙදරයි, දිල්කිගෙ ගෙදරයි එකම ළඟ තිබුණු එක තමා ඒකට හේතුව. පොඩි කාලෙ මොන්ටිසෝරි ගියෙත් මේ දෙන්නා එකටම තමයි.
ශිෂ්‍යයත්වෙ පාස් වෙලා ආදර්ශ විද්‍යාලයට යන්නත් මේ දෙන්නට පුළුවන් වුණා. කුරුණෑගල තිබුණු හොඳම secondary college එක.
එහෙම වෙන්නම ඕනි නි . මේ දෙන්නගෙ ඔළුව වැඩ කරන්නෙ එකම විදියට.
දිලීගෙ අම්මා එයා ඉපදෙනකොටම මේ ලෝකෙන් යන්න ගිහිල්ලා . තනූගෙ තාත්තා නැති වෙන්නෙ එයාට අවුරුදු 2 ක් වෙනකොට . ඒ තනූයි, එයාගෙ අයියා තේනුවරවයි, අම්මවයි මේ ලෝකෙ තනිකරලා .
තනූගේ තාත්තා සරත් ඉන්න කාලේ කළේ ගරාජ් වැඩ. කොහොමහරි තමුන්ගෙ දරුපවුල එයා හොඳින් බලාගත්තා. ඒ හැමදේම නැතිවුණාට පස්සෙ නාලිනී ගම්බද පළාතකට එන්නේ, කලින් හිටපු ගෙදර විකුණලා ගත්ත සල්ලිවලින් ඉඩමකුත් අරගෙනමයි. එයා හතු ව්‍යාපාරය තෝරගත්තෙ පුංචි පැටවු දෙන්නෙක් එක්ක පිට රස්සාවකට යන්න බැරි නිසා.

අම්මාගෙ ආදරේ හොය හොය හිටපු දිල්කිත් නාලිනීට ළං වුණේ ඒ සෙනෙහස එයාගෙන් දැණුනු නිසාමයි. තනූගෙ ගෙදර දිල්කිට වගේම, දිල්කිගෙ ගෙදර තනුරිට ඕනි වෙලාවක ඇරලා තිබුණා...

දිලීගෙ තාත්තා ටවුන් එකේ කඩයක් කරපු නිසා නිතරම වගේ එයාට දිල්කි ළඟින්ම ඉන්න වුණේ නෑ . ඉතින් දිල්කි ගොඩක් වෙලාවට හිටියෙ තනූගෙ ගෙදර. කොටින්ම කිව්වොත් ඒ ගෙදර එයාටම කියලා පුද්ගලිකව පාවිච්චි කරන බඩු වෙච්ච කෝප්ප, පිඟන්, toothbrush එහෙමත් තිබුණා.

නාලිනීත් මේ කෙල්ලට ගොඩක් ආදරෙයි. ඒකෙන් කියවෙන්නෙ දිලී තාත්තාට කිට්ටු නෑ කියන එකනම් නෙවෙයි .

තනූගෙ hobby එක වුණේ dancing වගේම දිලීගෙ hobby එක වුණේ sing කරන එක. දෙන්නා එක්ක ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා බජව්ව දාන්න ගත්තාම අයියගෙ මූණ නම් සමහරවෙලාවට සවුත්තු වෙනවා. එයා නව නිර්මාණ කරන්න ගොඩක් කැමති කෙනෙක්. එයාගෙ මනෝලෝකෙ සම්පූර්ණයෙන්ම විනාස කරනව නි මේ දෙන්නා. එහෙම වුණාම තනූයි , දිලීයි හිමින් සැරේ දිලීගෙ ගෙදරට රූටනවා.

   එහෙම වුණාම තනූයි , දිලීයි හිමින් සැරේ දිලීගෙ ගෙදරට රූටනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ දෙන්නගෙ sri lankan version කියලා හිතාගන්න.😁😁😁)

මේ දෙන්නගෙ සිතුවිලි කොච්චර දුරට ගැළපුණත් එකම එක කාරණාවක් නිසා ඒක වෙනස් වුණා.

A/N
Hii ළමයි update කළා. තව එපි 2 ක් විතර යනකම් චුට්ටක් boring වෙයි. චරිත හඳුන්වන්නත් ඕනි නී.. 😁 කතාව යනකොට ඕතර් මැද්දෙන් පැනලා චරිත පෙන්නන්න යනවට වඩා මෙහෙම හොඳයි කියලා හිතුණා.

♥️ by JAS

මායාවී 🥀 [MAYAWI] ✔️Where stories live. Discover now