"ඉතින් මම මේවට පලි වෙන්නෙ කොහොමද මනුස්සයෝ. මම මොකද්ද කරපු වැරැද්ද ? තමන් ඉපදෙන තැන තීරණය කරන්න කාටවත් බැහැ නි. 😫"
වෙව්ලන හඬකින් මම එහෙම කිව්වත් ඒ මිනිහා ඒක ඇහුණේ නෑ වගේ දිගටම මට වද දුන්නා. මල් vase එකෙන් මගෙ ඔළුවටම පහර දුන්නට පස්සේ මාව සිහි නැති වුණා වෙන්නෝනි. ඒත් ටිකකින් මාව ආයිත් ඇහැරුණේ යටිකය දිහාවෙන් ආපු තදබල වේදනාව නිසා. ගෑණු ළමයෙක් විදියට මම වැඩිපුරම ආරක්ෂා කරපු දේ. මම අයිති ශාන්ට විතරයි. මම කාටවත් මාව ඉඳුල් කරන්න දෙන්නෙ නෑ. ශරීරයේ කිසිම ශක්තියක් නැතුව වුණත් හිතේ හයියෙන් මම මිනිහා එක්ක පොර බැදුවා. ඒත් වැඩි වෙලාවක් යන්න ඉස්සරින් ඒ සල්ලාලයා ආයිත් වරක් එතන ළඟම තිබුණ කතුරකින් මගේ ශරීරය පුරා රතු පාට ගලන රටා අඳිද්දී මගේ ශක්තිය හීනවෙලා මාව දැඩි අඳුරකට ඇදදැම්මා.
.
.
.
.
.
.
.
.
.මම රෝහලේදී අවදිවෙද්දි මාව වටකරගෙන වෛද්‍යවරු, හෙද හෙදියෝ හිටියා මට යන්තමට මතකයි. ඒත් ඒත් එක්කම නැවත නින්දට වැටුණු මම ආයිත් වරක් අවදිවුණේ මේ දේවල් අහන්නද කියලා මගේ හදවත මගෙන් ප්‍රශ්න කළා. එයා එහෙනම් තමුන්ගෙ පළිය ගත්තා. මම දැන් සමාජ රෝගියෙක්. එතනින් එහාට මගේ සිතුවිලි ආයිත් ගඹුරු නින්දක හිරවුණා.
.
.
.
.
.
.
.
.
.
.
.-----------------------------------------------------------
" මගේ රත්තරනේ මාව ඇහෙනවද ?"
"අ. අම්මා."
( මම හරි සතුටකින් දෑස් විවර කළේ අම්මව දකින්න. ඒ වචනය ඇහෙද්දි පවා හිතට සුවයක් දෙනවා. ඒත් මම දැක්කේ බලාපොරොත්තු නොවුණු දර්ශනයක්. ඒ හිටියේ ශාන්. අඬපු නිසාම එයාගෙ ඇස් රතු වෙලා, ගිනියම් වෙලා, ඒ වගේම විඩාපත් වෙලා. ඒත් ඒ කඳුලු තවමත් මදි නොකියන්න උණුසුමත් එක්ක මගෙ අතට වැටුණේ A/C කාමරයක හිටපු නිසා සීතල වෙලා ගිහින් තිබුණු මගෙ අත්වල සියුම් සලිතවීම් ඇති කරමින්. )
තනූ - අහකට යන්න. මාව අල්ලන්න එපා...
ශාන් - මැණික ඔයා හොඳින් නේද ? ගොඩක් අමාරුද?
( ශාන් හොඳටම බයවුණා. ඒ විගසින්ම දොරත් ඇරගෙන එළියට දුවපු එයා ආයිත් පාරක් room එකට ආවෙ doctor වත් එක්කගෙන. )
YOU ARE READING
මායාවී 🥀 [MAYAWI] ✔️
Romanceඔව්. එයා මට පොරොන්දු වුණා. මට දැණුනේ කාලය එකතැන නතරවුණා වගේ. දීප්තිමත් ආලෝකයකින් මාව වටකරගනිද්දි මගේ දෑස් සැනසීමෙන් පියවුණා. මායාවක් සේ ජීවිතය වෙනස් කළ මායාවක් නොවන ඈ........ 🌺