අවසානය

223 18 48
                                    

ඒ තනූගෙ photos තිබ්බ album එක. අපි හැමෝටම වටින මතක ගොඩක් ඒ album එක ඇතුළෙ ගොනු වෙලා තිබුණා. තනූ ශාන්ගෙ ගෙදර ගිය වෙලාවල්වල ගත්ත photos, අපි school එකෙන් out වුණ දවසේ, Trip එක ගිය වෙලේ, engagement ring එක බලන්න ගිය දවසේ වගේ වැදගත් අවස්ථාවල ගත්ත photos එක්ක තනුරිගෙ පිස්සු වැඩ හොරෙන් පින්තූරගත කරපු ඒවා. ඒ විතරක් නෙවෙයි oparation එකට Canada ගියපු දවස්වල oparation එකෙන් පස්සේ එහේ ඇවිදින්න ගිහින් ගත්ත photos පවා මේ album එකේ තියෙනවා. තනූ pregnancy එක නිසා ගොඩක් දුර්වල වෙලා හිටපු කාලෙත් එයාට හොරෙන් ශාන් photos කිහිපයක් ලබාගත්තෙ ඒවා තනූට පස්සෙ කාලෙක පෙන්නන්න හිතාගෙන කියලා ශාන් කියනව මට හොඳට මතකයි. එතකොට තනූට තමන් ගැනම ආඩම්බර වෙන්න පුළුවන් කියලා ශාන් කිව්වා.

අද ඒ සේරම මතක එකතුකරල හදපු album එකේ පිටු එකින් එක නෙතූ බබාගෙ අතින් පෙරළෙනවා. ඒ එක එකේ සඳහන් කරලා තිබුණ දින වකවානු එකට ගැටගහලා නෙතූ තතනමින් ඒවා කියන්නෙ. එයා ගණින්න ඉගෙනගෙන තවම පොඩි කාලයක් විතරයි වෙන්නෙ. ඒත් මගෙ කෙල්ල ඉක්මනින්ම ඉගෙනගන්නවා.

" අම්මා, කවුද මේ ආන්ටි....
එයා තාත්තිගෙ නානුවෙක්ද ? එයා අර ප්‍රින්සස් කාටූන් එකේ හිටපු සුරංගනාවියක් වගේමයි.
තාත්ති එක්ක ඉන්න පොතෝත් හුඟාරියක් තියෙනෝ.. මේ..... මේකේ නම් මේ අම්මිත් ඉන්නේ......
ඒත් ඉතින් ඇයි තාත්ති සමහරදාට මෙතෙන්ට ඇවිල්ලා අඳන්නෙ. මම දැකලා තියෙනෝ තාත්ති මේක දිහා බල බල අඳනව සමහලදාට. ඒ ආන්ටි තාත්ති එක්ක තලා වෙලාද අම්මේ ? "

මගේ කනට ඇහුණු දේ ඇත්තක්ද කියලා නිශ්චිත කරගන්න මට ටික වෙලාවක් ගියා. ඔව්. ඇත්තටම එයා ඒ වචන ටික කිව්වා. ඒත් ඒ නිසා මගෙ හදවත වරදකාරී සිතුවිලි වලින් කීරිගැහිලා ගියා.
තමන්ගෙ ජීවිතේටත් වඩා එයාට ආදරේ කරපු එයාගෙ අම්මා ගැන නෙතූ කිසිම දෙයක් දන්නෙ නැහැ.
ආන්ටි ?
දෙයියනේ මම මොකද්ද මේ කළේ ? තනූ දෝණිට කොච්චර නම් ආදරෙයිද ? එයා තමන්ගෙ බඩට ඇවිල්ලා කියලා දැනගත්ත දවසේ ඉඳලම තනූ හැසිරුණ හැටි....
ඒ හැම වේදනාවක්ම එයා දරාගත්ත හැටි.

මේ හැමදෙයක්ම මට මැවි මැවි පේනකොට මම ගැනම ඇතිවුණ තරහෙන් පිච්චිලා මම අළු බවට හැරෙමින් හිටියා.

මායාවී 🥀 [MAYAWI] ✔️Where stories live. Discover now