22 - දෝලනය

118 18 9
                                    


Doc - Excuse me, මම මේ හදිස්සියේම ආවෙ දෙයක් හරියටම conform කරගන්න. තනුරිගෙ reports ආවා. මට හරියටම sure කරන්න බැහැ ඒකේ සාම්පල් එක තනුරිගෙමද කියලා. මොකක්හරි error එකක් වෙන්නත් පුළුවන්. ඒ නිසා අපිට නැවත පරීක්ෂාවකට යන්න වෙනවා. So , Please can you cooperate with us to do a urine test again.




ශාන් - ඒත් ඇයි doctor, මොකද්ද result එක ?


Doc - නැහැ පුතා. තනුරිගෙ අම්මා කියපු දේ අනුව එයා දැනුවත්ව මෙච්චර කාලෙකට කිසිම sexual activity එකක් තිබිලා නැහැ තනුරිගෙ. මම තනුරි ගැන වෙනත් දෙයක් අදහස් කරනවා නෙවෙයි. නමුත් result එක අනුව එයා pregnant. ඒත් එහෙම වෙන්න විදියක් නැහැ. යම්කිසි විදියකින් ඒක ඇත්තක් නම් අපිට abortion එකකට යන්න වෙනවා. මොකද තනුරිගෙ තත්ත්වෙ අනුව මේක එයාගෙ ජීවිතේට අවදානමක්.


තනූ - දෙයියනේ. අනේ doctor please. ඕක බොරුවක් නේද ? ඒ මිනිහගෙ. ඔහ්. මගෙ ඔළුව පැලෙන්න වගේ. නෑ. නෑ.

( තනුරි ගොඩක් කලබලෙන් කෑගන්න ගත්තා වගේම තමන්ගෙ හිස බදාගෙන හයියෙන් අඬන්න පටන් ගත්තා. )

ඒත්. ඒත්. ඒක ඇත්තක් නම් මොකද කරන්නෙ ? අනේ ශාන් මොකද කරන්නෙ මම ?

( තනුරි ශාන්ගෙ shirt එකේ collar එකෙන් අල්ලගෙන එයාව හොලවමින් කෑගන්න ගත්තේ ඒ පීඩනය දරාගන්න බැරුව. )

ඒ තිරිසනාගෙ ළමයගෙ අම්මා වෙන්න මට බෑ. මගෙ අයියගෙ ලේ...... ඒ ලේම මගෙ දරුවගෙ වෙන්නෙත් කොහොමද ?
ඒත් ඒකට ඒ දරුවගෙ වැරැද්දක් නැහැනේ.... ඒ අසරණයගෙ මොකද්ද ඇති වැරැද්ද. මට තේරෙන්නේ නෑ. කාගෙ වුණත් ඒ මගෙත් දරුවා .
එයාව නැති කරන්න වෙයිද ? මොනදේ වුණත් මම ඒ පව් වැඩේ කරන්නෙ නෑමයි.

ශාන් , මොකද්ද ඔයා කිව්වෙ? ඉදිරියට සතුටින් ඉමු කිව්වා නේද? ඒත් ඔයාට පුළුවන්ද මාව මේ විදිහට භාරගන්න. ආ? එහෙම බෑනෙ නේද? මට ඔයාට කියන්න තියෙන්නෙ මේ ලෝකෙ කවුරු කිව්වත්, මම මේ ළමයට කිසි කරදරයක් වෙන්න දෙන්නෙ නෑ. ඔයා මට ඔච්චර ආදරෙයි නම් මේ උදව්ව විතරක් කරන්න. එයාට පාඩුවේ ඉන්න දෙන්න. මට වැඩක් නෑ ඒ කාගෙ වුණත්. ඒ මගෙ ළමයා. මම කාගෙන්වත් ඉල්ලන්නෙ නෑ ඒ ළමයට තමන්ගෙ නම දෙන්න කියලා. මම ඉල්ලන්නෙ ඒ අසරණයට මේ ලෝකේ බලන්න ඉඩ දෙන්න කියලා. මාව තවත් පව් කාරයෙක් කරන්න එපා please.
Doctor , ආයිත් test කරන්න. ඒත් මතක තියාගන්න. මමයි එයාගෙ අම්මා. ඕගොල්ලන්ට බෑ මගෙ අවසරේකට පිටින් එයාට මුකුත් කරන්න. මට වැඩක් නැහැ මගෙ ජීවිතේට මොනවා වුණත්. අහිංසක පැටියෙක්ගෙ ජීවිතේට වඩා මගෙ ජීවිතේ පොඩ්ඩක් වත් වටින්නේ නෑ.



මායාවී 🥀 [MAYAWI] ✔️Where stories live. Discover now