3. මාර වැඩේ

249 22 12
                                    

Thanu's P.O.V

අප්පටසිරි මම ඉවරායි. කවුරුත් නැද්දෝ...... මාව බේරගනියෝ... 🥴 හරි. හරි. Calm down බබා. ශාන් ඔයාව අල්ලන් කන්නෙ නෑනෙ. එයාත් පොතක් ගන්න ඇවිත් තියෙන්නෙ. මට පාන් යෑ.
සිත දැඩි කරගෙන ඉදිරිය බලා සිටින්න.. නෑ නෑ.. ඉදිරිය නෙවෙයි, shop එකේ uncle දිහා. පොත ගත්තා. කැපුණා.

ඇයි දෙයියනේ මටම මෙහෙම වෙන්නෙ?  අද මම තමා දවසේ බයිට් එක. සා වෑව්. ඒ විතරක් නම් මදෑ. තවුසෙ! අයිසේ හාට් එක, ඔච්චර වේගෙන් ගැහෙන්න එපා ඕයි. තවුසෙ shut down වෙයි. බලන්න... මට ඔයා නැතුව බෑනෙ. ඒ වුණාට තවුසෙ දැන් ලබ් ඩබ් ගාන්නෙ නැතුව, ඩක ඩක ගාලා ගැහෙන සද්දෙ එළියටත් ඇහෙන තරම්. ශාන්ට ඇහුණොත් බලයි මේ පිස්සු හෝන්තුවට මොකක් වෙලාද කියලා. කොල්ලො දැකලා නෑ වගේනි තවුසෙ ගැහෙන්නෙ.
😑

හරි. හරි. My dear heart, I know you love Shan. ඒ වුණාට මෙහෙම කරන එක හරි අසාධාරණයි හොඳේ. දැන් අවුරුද්දක් විතර තිස්සේ ඒක දැන දැනත් ඔයා පාඩුවේ හිටියා නි. දැන් පුපුරල මැරෙන්නද ආස!

Shop keeper : පුතේ එක පොතයිනෙ තියෙන්නෙ. දෙන්නටම ඕනි ඒකමද? 160 පොත් නම් තියෙනවා.

ඔය කළේ යස අගේට.
ඔය 160 මඟුල් අරන්, ආයිත් homework නොකර ඉඳලා තවත් පොත් ගන්න පුළුවනෑ. අනිත් පැත්තෙන් ශාන්. එයත් homework නොකරද දන්නෑ පොතක් ඉල්ලන්නෙ. ඊයෙත් කරල තිබ්බෙ නෑ. අදත් නැති වුණොත් මහෞෂධ පණ්ඩිතතුමා කේවට්ටගෙ නළලට කරපු දේ ශාන්ගෙ දණහිස් 2 ට වෙනවා සත්තයි. පව් කොල්ලා. ඒ වුණාට යකූ හැමදාම ඔහොම වැඩ නොකර ඉඳලා හරියනවද? 😤 . ඒකත් maths කරන එකෙක්.

සැක්. මාත් මාර පඹගාලක නි පැටළුණේ. මම ද ගුටිගන්නෙ , ශාන් ද ගුටිකන්නෙ.

මේ සිතුවිලි ගොන්නත් එක්ක මම ශාන්ගෙ පැත්තට හැරුණා. හැරුණා නෙවෙයි හැරවුණා.මෙන්න ඒ පාර මේකත් මා දිහා බලන් ඉන්නව please please කියන මූණ දාගෙන. අනේ මට බෑ අප්පා. ඔන්නොහේ කමන්නෑ . මම හැමදාම වගේ වැඩ කරනව නි . වැඩිය දරුණු දඩුවමක් දෙන එකක් නෑ. අනික මේ හා මූණ දැක්කාම පොත උදුරන් යන්න හිතෙනවද ?

තනූ : ආ කමන්නෑ uncle. මෙයාට දෙන්න. මටත් ඕනි 80 පොතක් . හදිස්සි නෑ.

එහෙම කියපු මම විදුලි වේගෙන් හැරිලා  දුවල ගියා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
දේව්: ඈ බන්. ඒ මොකද්ද ඒ වුණේ. 😁

මායාවී 🥀 [MAYAWI] ✔️Where stories live. Discover now