Part - 27

102 14 10
                                    

අහන්නකෝ,

හ්ම්....

මට ආයිත් දන්සලක පෝළිමක ඉන්න බැරි වෙයිද අනී 😪.


මොකද බැරි ? ලබන අවුරුද්දෙම පුළුවන්. 🙃

කොහොමද එහෙම කියන්නෙ ?

තව ටික දවසකින් චූටි දෝණි මගෙ අතට ආවාම අපි ආයිත් ඔයාගෙ කොණ්දට බෙහෙත් පටන් ගමු.

අම්මෝ. 😟

ඇයි මේ 🙁

නෑ ඉතින්. මේ බෙහෙත් කරන එකේ සීමාවක් නැද්ද අනේ..

හැමදේටම හොඳ විදියට මූණදෙමු තනූ. අපි කාටවත් වරදක් කරල නැහැ. අපිට මුකුත් වෙන්නෙ නෑ ඒ නිසා.
යමුද ඇතුළට. පිනි බානවා.
.
.
.
.
.
.
.
.

එදා පොසොන් පෝය දවස. රවුමට පායලා තිබුණු හඳ බලන්න තනුරිට ලොකු ආසාවක් ආවා. ඒත් මේ වෙද්දි wheelchair එක පාවිච්චි කරන්නත් බැරි නිසා ශාන් තනුරිව ට්‍රොලියක තියාගෙනම hospital එකෙන් එළියට ආවා. ගොඩක් කල් ආපු නිසා hospital staff එකේ සේරම වගේ ශාන්වයි තනුරිවයි පෞද්ගලිකව දන්නවා. ඒ නිසා මෙහෙම එන එක ලොකු ප්‍රශ්නයක් වුණේ නෑ.

ඒත් එළියට ආපු වෙලාවෙ ඉඳලා පාරෙ සෑහෙන්න කලබල තිබුණු බව පෙණුනා. හැමෝම ගෙවල් වලින් ඇවිත්. වෙන මොනවට වත් නෙවෙයි. තොරණ බලන්න. දන්සල් යන්න. මුළු town එකම ඇවිස්සිච්ච කඩි ගුලක් වගේ.

තනුරිගෙ හිත ඇතුළෙන් හරි ආසයි ශාන්ගෙ අතේ එල්ලිලා පන්සල් යන්න. තොරණ බලන්න. ලැබෙන්න ඉන්න දරුවා ලැබුණට පස්සෙ එයා එක්ක ඇවිත් බුදුන් වඳින්න. ඒ දේවල් එයාට උගන්නන්න. පෙරෙහැරේ අලි පෙන්නලා බබා එක්ක හුරතල් වෙන්න.
හැබැයි ඒ අතරේ දන්සලකින් කෑම ගන්නත් ආසවක් තිබුණෙ නැත්තෙම නෑ.
.
.
.
.
.
.
.
.
.
.

ඒත් ආපහු කාමරයට යන අතරතුර අඳුරු සෙවණැල්ලක් තමන් පස්සෙ වැටුණු බව ශාන්වත් , තනූ වත් හීනෙන්වත් හිතන්න නැතුව ඇති.

.
.
.
.
.
.
.

තනූව තනියම දාලා යන්න එපා කියලා ඇතුළාන්තයෙන් කෑගැහුවත් ශාන් room එකෙන් එළියට බැස්සේ hospital එකේ තවත් කොනක තිබුණ pharmacy එකෙන් බේත් අරන් එනකම් තනූට මොනවා වෙන්නද කියලා තමන්ගෙ හිතට තරවටු කරලා.
ඒත් නොහිතපු විදියට pharmacy එකේ අදාළ බෙහෙත් නොතිබුණු නිසා පෝයටත් ඇරලා තියෙන pharmacy එකක් හොයාගෙන යන්න ශාන්ට සිද්ධ වුණා.
පාරේ තිබුණ තදබදේ හැටියට ඒක ගොඩක් අමාරු වුණත් බෙහෙත් නැතුව ආපහු යන එකේත් තේරුමක් නැති නිසා ශාන් car එක start කළා.
තව දවස් 4 කින් කරන්න තියෙන cicerone එක නිසා ඕනෙ කරන බෙහෙත් වට්ටෝරුව තමයි ශාන් මේ අරගන්න යන්නේ.
.
.
.
.
.
.
.

මායාවී 🥀 [MAYAWI] ✔️Where stories live. Discover now