මට දැනෙන සතුට කියලා ඉවර කරන්න බෑ.. මම සදහටම හීනයක් විදිහට තියෙයි කියලා හිතපු දේ අද සැබෑවක් වුණා. ශාන් මට කැමතියි කියන එක මට තාමත් විශ්වාස කරන්න බැහැ.
මම ඔයාට පොරොන්දු වෙනවා. මේ හිත හැමදාමත් ඔයාගෙම විතරක් වෙලා තියෙයි ශාන්. මට කියන්න බෑ මම ඔයාට මගේ පණටත් වඩා ආදරෙයි කියලා. එහෙම කිව්වොත් ඒකෙන් කියවෙන්නෙ ඔයා ගැන මට තියෙන ආදරෙත් බොරුයි කියන එක. මම මුලින්ම මට ආදරේ නොකර කොහොමද මම ඔයාගෙ ආදරේ දෙන්නේ. මේක ඒ වගේ බොළඳ ආදරයක් නෙවෙයි. ආත්මීය බැඳීමක්.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
හිතේ උතුරන ආදරය දෝරෙගලායනකම් තුරුළු වෙලා හිටියට පස්සේ ශානුයි , තනුරියි එකිනෙකාගෙන් ඈත් වුණා. ලැජ්ජාව නිසා බිම බලන් හිටපු තනුරිව අපහසුතාවයට පත් නොවෙන විදියට ශාන් එයාගෙ අතින් අල්ලගත්තා.මැණික.... මොකෝ අනේ මේ.. අහන්නකෝ. අපේ ටයිගර්ව බලන්න යමුද එහෙනම්.. නැත්නම් ආයිත් එන දවසටත් ඒකා බුරයි.
අනේ.😍 යමුකො එහෙනම්. එයා එකපාරටම පැනල හපන එකක් නෑනෙ නේද. අපේ ගෙදරත් ඉන්නව කෝලමක්. එයා නම් හොරෙක් ආවත් සාදරයෙන් පිළිගන්න තමා බලන් ඉන්නේ.
මෙයත් වස නෑ. තාම ඔයාව පුරුදු නෑනෙ . ඒකයි ඔය. යං
.
.
.
.
.(ටයිගර් එළියට වෙලා බෝලයක් එක්ක ඔට්ටු අල්ලන ගමන් හිටියේ. තනුරිවත් එක්කගෙන ශාන් ටයිගර් ගාවට කිට්ටු වුණා.)
ආ... පැටියෝ.... කෝ ඔය බෝලෙ මට දෙන්න. මම ඔයාට අමුත්තෙක් එක්කන් ආවා. බලන්නකො ඉතින්. අනෙහ් ඔය බෝලෙ එක්ක පොරකන එක නවත්තලා බලන්නෝ.
(මේ අතර තනුරිත් බල්ලා ගාවට කිට්ටු වුණා.)
අනේ...... මේ ඉන්නෙ හොඳ පැටියෙක් නී. 😍. කෝ. කෝ. බලන්න. සූටියා. අයියා ඔයාව ගණන් ගන්නෙ නැද්ද.. 😄. ආනා. ඉන්නකො මම මීටපස්සෙ එනව නි සඳුදට. අයියට ගාණක් දීලා අපි දෙන්නා සෙල්ලම් කරමු හාද ? කෝ මේ හොරගෙඩියා වගේ බුර බුර හිටපු කොටි පැටියා. දැන් හා පැංචෙක් වුණාද ආ......
(පහත්වෙලා ටයිගර්ව හුරතල් කර කර හිටපු තනුරිව ශාන් එකපාරටම ඇදලා ගත්තේ බොරු තරහා මූණකුත් හදාගෙන.)
YOU ARE READING
මායාවී 🥀 [MAYAWI] ✔️
Romanceඔව්. එයා මට පොරොන්දු වුණා. මට දැණුනේ කාලය එකතැන නතරවුණා වගේ. දීප්තිමත් ආලෝකයකින් මාව වටකරගනිද්දි මගේ දෑස් සැනසීමෙන් පියවුණා. මායාවක් සේ ජීවිතය වෙනස් කළ මායාවක් නොවන ඈ........ 🌺