... යුන්මෙන්ග් අධිරාජ්‍ය ...
උතුමානනී.. උතුමානනී.. මාහට පැමිනීමට අවසරද..
කලබලයෙන් දිව ආ ප්‍රධාන පාලක ප්‍රධාන මාලිගා දොරටුව අබියසට වී විමසුවේය..
පැමිනෙන්න.. ඇතුලතින් අධිරාජ්‍යයාගේ පිලිතුර ලැබෙනාවත් සමගම පාලක ඉක්මනින් කුටියට ඇතුලු වූයේය..
උතුමානනී .. අගබිසවුන් ...
කුමක්ද.. අගබිසවුන් ..
තම අදිරාජිනියගේ නම ඇසෙනවාත් සමගම හුනස්නෙන් නැගී සිටි අධිරාජ්‍යයා කලබලයෙන් විමසුවේය...එතුමිය.. එතුමිය කුමරු බිහිකිරීමට සැරසෙනවා..
කුමක්ද.. අද දින... වහාම පිටත් වෙමු..
ආදිරජු ඉක්මන් ගමනින් තම අදිරාජිනියගේ කුටිය වෙත පැමිනියේය. අගබිසෝ මාලිගයේ සේවයේ යෙදී සිටින පාලිකාවන් කලබලයෙන් එහෙ මෙහෙ දුවන ආකාරය දුටු අදිරජුට වචනයෙක් කිව නොහැකි තරමේ බියක් දැනෙන්නට විය.. වෙව්ලන දෑත් දෙපා සවිමත් කරගෙන කුටියේ ද්වාරය දෙස බලා සිටින අදිරජු වෙත ඒ මොහොතේ පැමිනියේ ඔහුගේ මෑනියන් හා මිත්තනියන් ය.
පුතනුවනි..
මෑනියනි , මිත්තනියනි..
ඔබ බියට පත්වීද සිටින්නේ..
මෑනියනි...
බිය නොවන්න සියල්ල හොදින් විසදේවි.. පණිවිඩය ලැබුනු විගසයි අපත් මෙහි පැමිනියේ..
......
හිත ශක්තිමත් කර ගන්න පුතනුවනි.. ඔබ දැන සිටියා නෙහ් කිනම් හෝ අවස්තාවක මෙවන් දේකට මුහුන දීමට සිදුවන බව..
නමුත් මෑනියනි... කෙසේද මෙසේ සිදුවූයේ.. දරු ප්‍රසූතියට තවත් දෙමසක් ඉතිරිව තිබෙනවා..
එය සාමාන්‍යයයි පුතනුවනි එවන් දේ සිදුවෙනවා.. සත් මසකින් දරුවෙකු බිහිවීම සාමාන්‍ය කරුනක් එසේම ඉන් එතරම් බලපෑමක් නැහැ.
මාහට එහි යාමට අවශ්‍යයි..
ඉවසා සිටින්න මද වෙලාවක් ... අපට සුභ ආරංචියක් දැන ගැනීමට හැකි වේවි..
හොදයි..
එලෙසින් ඔවුන් අගබිසෝ මාලිගය ඉදිරිපිටට පැමින හෝරා භාගෙයක් පමන ගතවී ගියේය.. එක්වරම , මාලිගය තුලින් ඇසුනු සියලු ශබ්දයන් පරයා කුඩා බිලිදෙකුගේ හැඩුම් හඩක් ඇසෙන්නට පටන්ගත්තේය..
මෑනියනි ... ඔහු..
පුතනුවනි ..
සතුටු කදුලු පිරි දෑසින් යුක්තව ඔවුන් දෙදෙනා එකිනෙකා අමතා ගත්තද ඔවුන්ගේ එම සතුට පැවතියේ තවත් තත්ත්පර කීපයක් පමණි..
අගබිසවුනි... අදිරාජිනියනී...
එක්වරම කුටිය තුලින් ඇසුනු හැඩුම්, හඩගෑම් හමුවේ කලබලයට පත් අදිරජු අගබිසෝ මාලිගාවට ඇතුලු වූයේ තවත් පිටතින් රැදීසිටීමට නොහැකි වූ නිසාය.නමුත් එහි ඇතුලු වූ අදිරජුට දැක ගත හැකිවූයේ මාලානික මුහුනින් යුක්තව යහනේ වැතිර සිටින තම අගබිසවුන්වහන්සේවය..
එක් පසක තම කුමරුන් නහවා පිරිසුදු කර තබාගෙන හඩා වැටෙන සේවිකාවකුත් අනික්පස දනින්වැටී හඩා වැටෙන ප්‍රධාන වෙදැදුරු ඇතුලු පිරිසත් දුටු අදිරජු සියල්ලන්ම පසෙකට තල්ලු කර දමමින් තම බිසවුන් වෙත දිවගොස ඇයව තම තුරුලට ගත්තද ඔහුට තුරුල කර ගත හැකි වූයේ ප්‍රාණය නිරුද්ද තම අගබිසවුන්ගේ ශරීරයයි..
බිසවුනී දෑස් විවර කරන්න.. මා දෙස බලන්න..
බිසවුනී... මා පැමිනියා.. මා දෙස බ..ලන්න.. අපේ පුතනුව..න් ඔහුත් සිටින...වා කරුනා..කර දෑස් විවර කරන්න... බිසවුනී...අදිරජු මියගිය තම ආදරනීය අගබිසවුන්ගේ සිරුර තුරුලු කර හඩා වැටීමට පටන්ගත්තේ... මුලු මාලිගයම ,මුලු රාජ්‍යයම ශෝකයෙන් හඩවාලමිණි.
නමුත් ශෝකයෙන් හැඩූ විලාප තැබූ සෑම අයෙක්ම සැබෑවටම දුක් වූයේ නැත.. ඒ අතර හිත යටින් සතුටු වූ පිරිසක්ද නොවූවාම නොවේ..
රජමාලිගය යනු බල තන්හාවෙන් උමතුවූවන් සිටින, තමාගේ වාසිය තකා තවකෙක් බිලිදීමට දෙවරක් නොසිතින.. කෙනෙකුගේ දුර්වල කමින් අනෙකන් උපරිම වශයෙන් ප්‍රයෝජන ලබන , විශඝෝර සර්පයින් වැනි මිනිසුන් වෙසෙන ස්ථානයකි..
***********************************************
ඇරඹුමම කදුලක් වෙලා මා බලා ඉද්දී ඒ දිහා .... 🤧
හී.. හී... මේකත් මේ මොංගල් ඕතරීගෙ මොංගල් කතාවක්ලු .. ඈ...😌
කියවලා බලන්නකෝ.. හොදද කියලා..
Xianwang කතාවෙ මූලික කපල් එක උනත් zhanyi ත් ටිකක් තියේවි ඉතින් ..
චූටි කෑල්ලක් තමයි ඉතින් දැන් දුන්නෙ.. ඒ ඔයාලගෙ අදහස් දැන ගන්න ඕනෙ හින්දා..
ඔන්න හැබැයි ඉතින් ඕතරී කතාව ලියන්නෙ අවාරෙට කජු වැටෙනව වගේ ඈ... එහෙම නෑ කියලත් කියනව තමා ඉතින් .... ඒ වුනාට ඉතින් දන්නෙ නැද්ද...
කොහොම හරි ඔයැයිලට ඕනෙද ඉතින් කතාව.. එපා නේද...🙂
එහෙනම් ඕතරී ගිහින් එන්නම් ඈ..
Abode of destiny එකේ බෝනස් එකක් එක්ක කොටසක් හෙට හවසට දෙන්නම් ඈ... 😁
ඕතරීගෙ නම 👀 ..බායි
YOU ARE READING
𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪 ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )
Fanfictionහැ..හැ..හැකිද ඔබ ..ඔබතුමන්ට.. එ..එ.එක් වර..ක් මා..හට.. ආ..ආදරයෙ...න් ආ..මන්ත්‍රණය කරන්න..💙 ල..ල ලාන් චාන්..❤ ❤️ xianwang 💙 / ❤️ zhanyi 💚