දිනෙන් දින ගෙවීගියේය.. එදින කතිකා කරගත් පරිදි වූශියෑන් දුගී වැසියන් සදහා රාජකීය භාන්ඩාගාරයෙන් සහල් වෙන්කිරීමට වුශ්යෑන් අමතක නොකලේය.. එසේම වංජි පැවසු කරුනු පිලිබදව සොයා බලන්නට විශ්වාසවන්ත කමිටුවක්ද පත් කලේය.. ඒ අතර වංජි නුදුරේදීම යෙදී ඇති සුභ දිනයේ වූශියෑන්ට යැන්සි හා විවාහ වීමට සියලු කටයුතු සූදානම් කරමින් සිටියේය.. නමුත් ඒ සියල්ල සිදුකලත් වංජිගේ සිතේ ඒ පිලිබදව පැවසීමට නොහැකි ආකාරයේ යම් හැගීමක් හටගෙන තිබිනි.. දුකක් , බියක් හා කනස්සල්ලක් යන හැගීම් ගොන්නක් එක්ව ඇති වුනු ඒ හැගීම වංජිගේ සිතට ගෙනාවේ යම් මූසල හැගීමකි.
නමුත් වූශියෑන් සියල්ල විසදන බවට ඔහුට වදන් දි තිබු නිසා ඒ සියල්ල අමතක කර දමා උත්සවයේ සංවිදාන කටයුතු වලට සහය දීමට ඔහු සිතා ගත්තේය....රජු කුලවත් තරුනියක් හෝ තරුනයෙක් සමග විවාහ විමේදි එනම් තමාගේ උපබිසවක් ලෙස ඇය හො ඔහු පත්කරගනු ලබද්දි සාමාන්‍යයෙන් ඔවුන් එක්වරම තෙවන මට්ටමේ උපබිසවක් ලෙස තනතුරේ පිහිටුවීම සිදුකරයි.. නමුත් මෙවර සිදුවනේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි.. මට්ටම් හයකින් යුතු උපබිසෝ තනතුරුවලින් යැන්සිට හිමිවන්නේ පලමුවන මට්ටමේ උපබිසවකගේ තනතුරයි. එනම් මාලිගයේ පහත්ම මට්ටමේ උපබිසවක්ගේ මට්ටමයි.. නමුත් වංජිට ඇත්තෙන්ම ඒ පිලිබදව සිතා ගන්නට නොහැකිය.. සාමාන්‍යයෙන් සිදුවන සම්ප්‍රදායට පිටතින් සිදුවන මෙය එදිනට අමාත්‍යවරුන් කෙසේ පිලිගනීවිද යන්න වංජිට සිතා ගැනීමට නොහැක... එසේම වූශියෑන් මෙසේ සිදුකර කුමක් කිරීමට බලාපොරොත්තු වන්නේද යන්නටද ඔහුට සිතාගැනීමට නොහැකි විය.. එනිසා ඒ සියල්ලම තම දෑසින්ම දැක දැනගන්නා අරමුනින් එය අමතක කර දමා උත්සවයේ කටයුතු පිලිබද සොයා බැලීමට කටයුතු කලේය..
තවත් දෙදිනක් ගෙවී ගොස් විවාහ උත්සවය පවත්වන දිනය උදාවිය... අගබිසවක් හා විවාහ වන මංගල්‍යක් තමට සරුසාර නොවුනත් එයත් ඉතාමත් අලංකාර මට්ටමින් ,කිසිවක් නොඅඩුව සැලසුම් කර තිබිනි..
උදෑසන එකොලහේ හෝරාවට පැවැත්වීමට නියමිත විවාහ මංගල්‍යට සියලු දෙනා පැමින තම තමන්ගේ ස්ථාන වල අසුන්ගෙන සිටි අතර තනාතිබූ අලංකාරවත් වේදිකාවේ එක් උස් අසුනක වංජි පුංචි පුත්කුමරුත් සමග අසුන්ගෙන සිටියේය.. ඒ අසලම ඔහුගේ දකුනු පසින් ඔහු අසුන්ගෙන සිටි ප්‍රමානයේම උස් අසුනක් වූ අතර වෙ අසුනට දකුනු පසින් මදක් ප්‍රමානයෙන් කුඩා වූ හිස් අසුනක් තිබුනේය.. ඒ අසුන් දෙන වූශියෑන් හා යැන්සි වෙනුවෙන් වෙන්කර තුබූ අතර වංජි ගේ වම් පසින් දෝවගර් රැජිනියට හා මව් රැජිනියට අසුන් පනවා තිබිනි..
ESTÁS LEYENDO
𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪 ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )
Fanficහැ..හැ..හැකිද ඔබ ..ඔබතුමන්ට.. එ..එ.එක් වර..ක් මා..හට.. ආ..ආදරයෙ...න් ආ..මන්ත්‍රණය කරන්න..💙 ල..ල ලාන් චාන්..❤ ❤️ xianwang 💙 / ❤️ zhanyi 💚