❤ 10. සේවකයෙක් පමණයි 💙

748 144 34
                                    

කුමරුන්ට මසක් පිරිමේ සාදයට දින දෙකක් ඉතිරිව තිබියදී උදාවූ දින උදෑසන තම රාජකාරි අවසන් කිරීමෙන් අනතුරුව වංජි තම මාලිගය වටා ඇති අලංකාර උද්‍යානයේ ඇවිදිමින් කුමරුන්ට භාහිර පරිසරය හුරු කරමින් සිටි අවස්තාවේ එහි පැමිනි ප්‍රධාන පාලක යාඕ හා පාලිකා වෙන් චින් අදිරාජිනියව ඇමතූහ..

උතුමානනි..

පවසන්න පාලක..

උතුමානනී තව දින දෙකකින් උදාවන දිනයේ කුමරුන්ට මසක් සපිරීම නිමිත්තෙන් සාදයක් පැවැත්විය යුතුයි..එනිසා ඒ පිලිබදව සියල්ල සූදානම් කරවීම ඔබතුමන් ගේ කාර්‍යය භාරයක්..

හ්ම්ම්. මා දන්නවා මිත්තනියන් මට ඒ බව පැවසුවා... තව හෝරාවකින් ඒ පිලිබදව කතිකා කිරීමට ඊට සම්බන්ද සියලුම අංශවල ප්‍රදානීන් කැදවන්න..

එහෙමයි උතුමානනි.. එසේම උතුමානනී කුමරුන්ගේ මෑනියන් ලෙස ඔබතුමන්ට කුමරු වෙනුවෙන් කුමරුගේ අනාගතය වෙනුවෙන් එදිනට විශේශ යමක් සිදු කිරීමට ඔබතුමන්ට හැකියාව පවතිනවා.. එනිසා ඔබතුමන්‍ට තීරණැය කල හැකියි සිදුකරන්නේ කුමක්ද කියා..

ඉන් අදහස් කලේ..

ඉන් අදහස් කලේ උතුමානනී සාදයට අමතරව ඔබතුමන්ට කුමරුන් වෙනුවෙන් ,පූජාවක් යාගායක් හෝ වෙනත් යමක් සිදු කිරීමට හැකියාව තිබෙනවා..

හ්ම්ම්.. මා සිතා බලා පවසන්නම් ...

එහෙමයි..

ඉන් පසු පාලක හා පාලිකාව පිටත්ව ගිය අතර වංජි සිතන්නට පටනගත්තේ කුමරුන් වෙනුවෙන් කුමරුන්ගේ අනාගතය වෙනුවෙන් තමාට එදිනට කල හැක්කේ කුමක්ද කියාය.. එසේ කල්පනා කරමින් හිටින අතර තුරේ එක් වරම ඔහුගේ සිහියට නැගුනේ තමාගේ සෑම ජන්ම දිනයකදීම තම මෑනියන් සිදුකරන ක්‍රියාවයි.. එනම් එතුමිය වාර්ශිකව එලබෙන තම ජන්මදිනයේදී දී නගරයේ වෙසෙන දුගී ජනයාට මුලු දිනයේම ආහාර පාන ලබා දෙන ආකාරයය. දිනෙක තම පුතු රජු ලෙස කිරුලු පලදින මොහොතේ ජනයාට තම පාලකයා පිලිබද විශ්වාසයක් තැබීමට හැකිවීමට මෙය කදිම අදහසක් බව වැටහුනු වංජි එය ක්‍රියාවට නැංවීමට සිතා ගත්තේය.. එසේම රාජ්‍යයේ දුගී වැසියන් විදින දුක් පීඩා , කුසට අහරක් සොයා ගැනීමට විදින වේදනා පුරා විසි වසරක් තිස්සේ ඔවුන් සමගම තම දිවිගෙවූ වංජි හොදින්ම අවබෝද කරගෙන සිටියේය... තමාට උවමනා ප්‍රමානයටත් වැඩියෙන් ආහාර පාන තිබෙන නමුත්, තමාගේම වයසේ දුගී දරුවන් එදා වේල සොයා ගන්නට වෙහෙසෙන ආකාරය දැක වංජි, දුක් වූ අවස්තාද නැතුවාම නොවේ.. එනිසා ඔහු ,තමා ගත්තේ කදිම තීරනයක් බව සිතමින් සිනහවකින් මුව සරසා ගත්තේය..

𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪  ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )Onde histórias criam vida. Descubra agora