පසු දින උදෑසන අවදි වූ වංජි යම් චකිතයකින් යුක්තව රජතුමන් වෙත පිටව ගියේ පෙරදින වූ සිදුවීම නිසා එතුමන් කුමන ආකාරයකය ප්රථිචාරයක් දක්වාවිද යන්න සිතමිනි.. වෙනදා උදෑසනට වංජි එහි යන විට අවදිව සිටින අදිරජු එදින පුදුමයට හේතු වෙමින් තවමත් සැතපී සිටියේය.. නමුත් මේ මොහොතේ අදිරජු අවදි කරවිය යුතු හෙයින් වංජි ශබ්ද නොනැගෙන සේ එතුමන් අසලට ගොස් සෙමෙන් උරහිසට අතක් තැබිවේය.. නමුත් එතුමන්ගේ උරහිස සොලවා අවදි කිරීමට මත්තෙන් වංජිට දැනුනු වෙනස හේතුවෙන් ඔහු හොදින්දිරජුගේ මුහුන දෙස බැලුවේය.. ඉන් අනතුරුව ගෙලටත් නලලටත් පිටි අල්ල තබා බලා තම සැකය තහවුරු කර ගත්තේය.. එනම් අදිරජුට තදබල ලෙස උණ රෝගයක් වැලදී ඇති බවටයි. වහා ක්රියාත්මක වූ වංජි පාලක අමතා රාජකීය වෙදැදුරු කැදවීමට අණ කලේය...ඉන් පසු සෙමෙන් සෙමෙන් වූශියෑන් ගේ කම්මුලලට තට්ටු කරමින් එතුමන්ව අවදි කිරීමට උත්සහ කලේය..
ස්වාමීනි... ස්වාමීනි..
........
ස්වාමීනි.. අවදි වන්න...
ම්ම්ම්ම්ම්...
කුඩා දරුවෙකු මෙන් හිස දෙපසට හරවමින් වංජිගේ ස්පර්ශයන්ගෙන් මිදීමට උත්සහ ගත් වූශියෑන් අනෙක් පසට හැරී නැවත නිදන්නට පටන් ගත්තේය...
ස්වාමීනි.. කරුනාකර අවදි වන්න... දැන් වෙදදුරු පැමිනේවි...
ම්ම්ම්ම්..මියෑන්...
ස්..ස්..ස්වාමීනි ..
මියෑන්...
අසිහියෙන් මෙන් මියෑන් ලෙස අමතමින් තම මිය ගිය අගබිසවුන් සොයන වූශියෑන් දෙස වංජි බලා සිටියේ ශෝකයෙනි..එතුමා කෙතරම් තමාට වෛර කලත් , ශාරීරිකව මෙන්ම මානසිකවද වේදනා පැමිනුවත් මෙවන් අවස්තාවකදී එතුමන් පිලිබදව නොසලකා හරින්නට වංජිට නොහැක.. එනිසා වංජි යලිත් වතාවක් අදිරජුන් අවදි කිරීමට උත්සහ කලේය..
ස්වාමීනි අවදිවන්න...
.........
ස්වාමීනි..
ම්ම්ම්ම්.. නුබ..කුමක්ද... මෙහී...
ස්වාමීනි.. මා පැ...මිනියේ... ඔබ..තුමන්ට.. සූ..දාන...ම් වීම...ට උ..පකාර ....කි...රීමටයි ... න..මු..ත් දුටුවා ඔබතුමන් අසනි..පෙන් බව.... එනිසා .. මා වෙදදුරු කැදවූවා....
YOU ARE READING
𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪 ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )
Fanfictionහැ..හැ..හැකිද ඔබ ..ඔබතුමන්ට.. එ..එ.එක් වර..ක් මා..හට.. ආ..ආදරයෙ...න් ආ..මන්ත්රණය කරන්න..💙 ල..ල ලාන් චාන්..❤ ❤️ xianwang 💙 / ❤️ zhanyi 💚