❤️ 38.මුදුව 💙

782 126 21
                                    

එසේ වූශියෑන් ඊට විරුද්ද වීමට සැරසුනත් ඊට ඉඩ නොදුන් වංජි අල්වාගෙන සිටි වූශියෑන් ගේ හස්තයෙන් ඇදගෙන ආපසු යෑමට සැරසුනත් එක් පියවර්ක් හෝ ඉදිරියට නොගොස් ඔහු එහිම නතර වූයේ ඔහුගේ දෙපාවලින් දැනුනු දැඩි වේදනාව නිසාවෙනි...

අහ්...

සියුම් හඩින් කෙදිරියක් නැගූ වංජි අල්වාගෙන සිටි වූශියෑන් ගේ හස්තය තදින් තද කලේ තම දෙපාවල වේදනාව දරා ගැනීමට නොහැකි වූ නිසාවෙනි..

වංජි .. කුමක්ද.. සිදුවූයේ...

අපහසුවෙන් සිටගෙන දෙපා දෙස බලා සිටින වංජි අසලටම එමින් වූශියෑන් එසේ ඇසුවේ එක්වරම වංජි හට සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමේ අරමුනෙනි...

අහ්.. මාගේ පාද..

ඒවන විටත් රුදිරය වෑස්සෙමින් තිබෙන තම දෙපා දෙසම බලාගෙන වංජි කීවේ වේදනාවෙනි..

වංජි එසේ පැවසූ විට හොදින් ඔහුගේ දෙපා දෙසබැලූ වූශියෑන් දෙවරක් නොසිතාම, පාවහන් නොමැති නිරුවත් දෙපයින් රුදිරය වගුරවමින් පාශාන සහිත පොලවේ සිටගෙන සිටින වංජිව තම දෑතට ඔසවා ගත්තේය...

උ..තුමා..නනී ...

පාලක වෙදදුරු ශියාඕ කැදවන්න..

වංජි වූශියෑන් ඇමතූවත් ඒබවක් ගනකට නොගත් වූශියෑන් වංජිව ඔසවාගෙනම පාලක හට එසේ පවසමින් යලිත් වංජිගේ මාලිගයට පියනැගුවේ වංජි ඔහුගේ මුහුන දෙස බලා සිටිනා අතර තුරේය...

වංජිව ඔසවාගෙන මැදුරේ ද්වාරයෙන් එතුලට පිවිසි වූශියෑන් එහි සිටද පාලක හට හඩගෑවේ සේවිකාවන් ලවා කුටිය පිරිසිදු කරවන ලෙසටය..

සේවිකාවන් වහා පැමින කුටියේ එකදු පිගන් මැටි කැබැල්ලක්වත් ඉතිරි නොවන ලෙසට පිරිසිදු කරනා තුරුද වංජිව දෑතේ තබාගෙන සිටි වූශියෑන් සේවිකාවන් පිරිසිදු කොට පිටව ගිය පසු වංජිව බිම් යහනේ අසුන් ගැන්නුවේය...

නුබ මෙතරම් අණුවනද...

.............

පවසන්න... පාවහන් නොමැතිව ඇවිදීමට තරම් ඔබේ සිහිය වියැකී ගොසින්ද...

............

වූශියෑන් එසේ පවසමින් රුදිරය වෑහෙන වංජිගේ දෙපා පිරිසිදු රෙදිකඩකින් පිස දැමීමට පටත් ගත් අතර ඒ මොහොතේම වාගේ වෙදදුරු ශියාඕ ද එහි පැමිනියේ...

𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪  ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )Où les histoires vivent. Découvrez maintenant