ශරීරයේ වේදනාවටත් හිතේ වේදනාවටත් හෝරා කීපයක් හොදින් සැතපුනු වංජි යලි අවදිවූයේ පාලක යාඕගේ හඩිණි.
උතුමානනි අවදිවන්න ... දැන් බොහෝ හවස් වෙලා
ම්ම්ම්ම්
උතුමානනි මේ කැඳ බදුන පානය කරන්න ..
මේ කීයේ හෝරාවද පාලක..
තවමත් වේදනා දෙන තම උදරය මත අතක් තබා ගනිමින් වංජි විමසුවේය .දැන් ගෙවීයන්නේ සවස හයේ හෝරාවයි.. ඔබතුමන් උදෑසන ආහාරයෙන් පසුව මේවන තෙක් නිරාහාරවයි සිටින්නේ එනිසා කරුනාකර මේ කැද පානය කරන්න ...
හ්ම්ම්ම්....පුතනුවන් කොහිද..
කුමරුන් දැන් ඔහුගේ පාලිකාවන් සමග සිටිනවා..
හ්ම්ම්ම්.. මට අසුන් ගැනීමට උපකාර කරන්න..
එහෙමයි උතුමානනි ..
ඉන් පසු පාලක යාඕ දෑතේ තිබූ කැද බදුන සහිත බන්දේසිය අසල වූ කුඩා මේසයක් මතින් තබා තවමත් අපහසුවෙන් යහනේ සැතපී සිටින වංජිට අසුන් ගැනීමට උපකාර කලේය..
උතුමානනී .. මෙය පානය කරන .. ඔබ තුමන්ගේ සිරුර අප්‍රානිකයි.. එනිසා තනිව පානය කල නොහැකිවේවි..
කැද බදුනෙන් හැන්දක් පුරවා ගත් යාඕ එය වංජිගේ මුවට ලං කරමින් කියා සිටියේය.
ඔහුගේ කීමට එකගවූ වංජි මුලු කැද බදුනම පානය කර අවසානයේ පාලකගේම උදව්වෙන් පලමු කුටියේ ඇති බිම් සයනය වෙත ගොස් අසුන්ගෙන කුමරුවන්වද ගෙන්වා ගත්තේය..
පාලක යාඕ ඔබ මදකට පැමිනෙන්න..
උතුමානනී ඔබතුමන්ට තවත් යමක් අවශ්‍යද..
නැහැ මට වෙනත් කිසිවක් අවශ්‍ය නැහැ.. මට ඔබෙන් දැන ගැනීමට යමක් තිබෙනවා..
විමසන්න උතුමානනී මා දන්නා යමක් නම් පවසන්නම්...
හ්ම්ම්ම්ම්....
මට ප්‍රථමයෙන් පවසන්න අදිරජු කෙබදු අයෙක්ද... මා අදහස් කලේ පෙර සිටි අගබිසවගේ මරනයට පෙර ..
ම්ම්ම්... එකල නම් එතුමන් ඉතාමත් සැහැල්ලුවෙන් කල් ගතකල අයෙක් .. ඇතැම් අවස්තා වල දරදඩු ලෙස හැසිරුනත් එතුමන් සැබවින්ම එවන් අයෙක් නොවේ.. රාජ්‍යයේ පාලන කටයුතු සම්බන්ද අවස්‍තාවලදී දැඩි තීරන ගන්නවා හැරෙන්නට අනෙක් සෑම විටම අනෙක් අය පිලිබදව හොදින් සිතාබලා සොයා බලා මානුශීය තීරන ගන්නා අයෙක් ... නමුත් දැන් එතුමන් ට කුමක් සිදුවීද යන්න අප දන්නේ නෑ උතුමානනී..
ESTÁS LEYENDO
𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪 ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )
Fanficහැ..හැ..හැකිද ඔබ ..ඔබතුමන්ට.. එ..එ.එක් වර..ක් මා..හට.. ආ..ආදරයෙ...න් ආ..මන්ත්‍රණය කරන්න..💙 ල..ල ලාන් චාන්..❤ ❤️ xianwang 💙 / ❤️ zhanyi 💚