❤️ 34. සිපුම 💙

721 139 19
                                    

රාත්‍රී අටේ හෝරාව ගතවී විනාඩි කිහිපයක් ගතවී තිබිනි ... වංජි හා වූශියෑන් දෙදෙනාම මාලිගයෙන් පිටවී පෙරදිනකදී වංජි විසින් පවසනලද ස්ථානයට ගමන් කරමින් සිටියෝය..

ප්‍රධාන පාලක හා ආරක්ශකයින් ඔවුන් දෙදෙනාගේ පිටිපසින් ගමන් කරද්දී ඔවුන් ඉදිරියෙන් එකෙනෙකා හා කිසිදු කතාබහකින් තොරව ගමන් කරමින් සිටියේ පෙරදී වූ සිදුවීමේ නෝක්කාඩුව ඒවනවිටත් වංජිගේ සිතේ පැවතුනු නිසාවෙනි..

වංජී...

....

ඔබ තවමත් මා සමග අමනාපයෙන්ද...

........

දැන් ඊට සමාවදීමට කාලය නොවේද වංජී....

...........

පවසන්න.. තවමත් සමාව දීමට ඔබට සිත දෙන්නේ නැතිද..

...........

වංජී...

වූශියෑන් දිගින් දිගටම වංජි හා කතාකිරීමට උත්සහ කලත් වංජි ඒ කිසිවකටත් පිලිතුරු නොදුන් නිසා වූශියෑන් ද මදකට නිශ්ශබ්ද වූයේ කනස්සල්ලෙනි...

එසේ මද වේලාවක් දෙදෙනාම නිහවඩ ගමන් කිරීමෙන් අනතුරුව බොහෝ වේලා නිශ්ශබ්දව සිටි වංජි සුසුමක් හෙලා  තම හඩ අවදි කලේය...

හ්ම්ම්ම්.. මා බලාසිටියා ඔබතුමන් මා හට ප්‍රථමයෙන් සුභපතන තෙක්...බලාසිටියා යන්නෙන් මා අදහස් කලේ ඇත්තෙන්ම මා බලාපොරොත්තු වූවා ඔබතුමන් මාහට සුභපතාවි කියා..

වං..ජී....

නමුත් එය බලාපොරොත්තුවක්ම පමණයි.. ඔබතුමන් පැමිනියේ නැහැ.. එනිසා මදක් මාගේ සිත රිදුනා ... එනිසයි ඔබතුමන් හා අමනාපයෙන් සිටියේ.. ඊට කමා කරන්න...

වංජී.. මා හට කමාකරන්න.. එය මාගේන් වූ වරදක්...

ම්ම්ම්..හ්ම්ම්ම්.. එය වරදක් නොවේ උතුමානනී ... ඊට සමාව ඉල්ලාසිටින්න එපා.... එවැන්නක් බලාපොරොත්තු වීම ඇත්තෙන්ම මාගේ වරදක් සත්‍යවශයෙන් ම මායි ඔබතුමන්ගෙන් සමාව ඉල්ලාසිටිය යුත්තේ...

වංජී.. එසේ නොවේ..

නැහැ උතුමානනී ... ඇත්තෙන්ම මා එවැන්නක් බලාපොරොත්තු නොවූවානම් කිසිවිටකත් මාගේ සිත රිදීමක් සිදුවන්නේ නැහැ... එහෙත් මා එසේ බලාපොරොත්තු වූ නිසා මාගේ සිත රිදුනා එනිසා මා එහි කෝපය ඔබතුමන් කෙරෙන් පිටකිරීම උදෙසා අද දිනයම ඔබතුමන් හා අමනාපයෙන් කල් ගෙව්වා.. ඉතින් මෙහි සැබෑ වැරදිකරු මමයි...

𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪  ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )Where stories live. Discover now