❤️ 33. නෝක්කාඩුව 💙

663 123 19
                                    

හෝරාවෙන් හෝරාව ගෙවීගොස් දෙදිනක්  ගෙවී ගියේ වංජිගේ හදවත සතුටින් පිරී ඉතිරී යද්දීය..

වංජිගේ ජන්මදිනය උදාවීම සදහා ඉතිරිව පැවතියේ තවත් හෝරා කිහිපයක් පමනි.. එනම් මධ්‍යම රාත්‍රිය උදාවීමට  පැවතියේ හෝරා කිහිපයක් පමණි.. නමුත් වංජි ඒවන විටත් කාලය ගතකලේ තම මාලිගයට අයත් උද්‍යානයේ එක්තරා සුන්දර ස්ථානයකට වී රාත්‍රී අහස නරබමිනි..

තම ජන්මදිනය උදාවන තෙක් ඔහුට අවදියෙන් සිටීමට විශාල අවශ්‍යතාවයක් ඇත්තේය.. මන්ද ප්‍රථමයෙන් ඔහුට සුභ පතන්නෙ කවුරුන්ද යන්න දැනගැනීමට බොහෝ සෙයින් අවශ්‍යකර තිබුනේය... එනිසා මධයම රාත්‍රිය එලබෙන තෙක් නොනිදා සිට ප්‍රථමයෙන් සුභපතන්නා දැන ගැනීමට ඔහු උද්‍යානයට වී කාලය ගතකරමින් සිටියේය..

උතුමානනී ... දැන් රාත්‍රී දහයේ හෝරාවත් ගෙවීමට ආසන්නයි එනිසා සැතපීම සුදුසුයි...

ම්ම්ම් අවශ්‍ය නැහැ පාලක තවම මට සැතපීමට අවශ්‍යතාවයක් නැහැ...

නමුත් උතුමානනී මෙලෙස රාත්‍රියේ අවදිව සිට ඔබතුමන් අසනීප වේවි..

අද පමනයි නෙහ් පාලක හෙට මා සැතපෙන්නම්... එනිසා ඔබ කරදර වන්න එපා.. සහය පාලක පාලිකාවන් රාජකාරි නිදහස් කොට පිටත් කරන්න.. දැන් ඔවුන් විවේක ගත යුතුයි..

නමුත් උතුමානනී ඔබතුමන් අවදියෙන් සිටින විට කෙසේද ඔවුන්ව පිටත් කර හරින්නේ...

ගැටලුවක් නැහැ පාලක ඔවුන් පිටත් කර හරින්න..

හොදමයි එසේනම්..

වංජි පැවසූ පරිදි පාලක යාඕ සහය පාලක පාලිකාවන් පිටත් කර හැරි අතර උද්‍යානයේ ඉතිරි වූයේ වංජි , පාලක යාඕ, පාලිකා චින් හා ආරක්ශක නින්ග් ඇතුලු රාජකීය ආරක්ශකයින් පිරිසක් පමනි...

තවත් හෝරා එක හමාරකට ආසන්න කාලයක් සෙමෙන් සෙමෙන් ගෙවීගිය අතර සත්‍ය ලෙසම වේලාව නොදන්නා නමුත් වංජි අනුමාන කල පරිදි ඔහුගේ ජන්මදින උදාව සදහා ඉතිරිව තිබුනේ මිනිත්තු කීපයක් පමණි...

සුභ ජන්ම දිනයක් වේවා... උතුමානනී .....

වංජිගේ වේලාව ගනනය මදක් වැරදී තිබිනි මිනිත්තු කිහිපයක් ඉතිරිව ඇතැයි සිතුවත් එලෙසට නොතිබූ අතර ඔහුගේ ජන්මදිනය වෙනුවෙන් ප්‍රථමයෙන් සුභ පතන්නා ලෙස අදිරජුන් බලාපොරොත්තු වුවත් එයත් කඩවන අයුරින් ප්‍රථමයෙන්ම පාලක යාඕ ඔහුහට සුභ පැතුවේය...

𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪  ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )Where stories live. Discover now