❤️36. ආඩම්භරය 💙

685 134 18
                                    

එදිනට පසුව එක් දිනක් ගතවී ගියේය... ගෙවීගිය දිනයේ වූශියෑන් හා වංජි එකිනෙකාගෙන් වෙන්ව සිටි මොහොතක් නොවූ තරම්ය... වූශියෑන් තම රාජකාරී කටයුතු කරන අවස්ථාවල පවා වංජිව තමා අසලින් රදවා ගැනීමට තරම් සැලකිලිමත් වූ අතර එසේ රැදෙන සෑම විටම පාහේ වංජි වූශියෑන් හට තම සෙනෙහස නොඅඩුව ලබා දීමට උත්සුක වූයේය...

එසේ වූශියෑන් අසලින් සෙනෙහසින් රැදෙන සෑම මොහොතකම වංජිගේ සිත සතුටින් පිරී තිබූ අතර වෙනත් දිනයහිදී නොමැති සතුටකින් ඔහු ඒ ගතවූ දිනය තුලේය... නිතරම පුත්කුමරුන් හා සුරතල් බස් පවසමින් හඩනගා සිනාසෙමින් වංජි කල් ගෙවූ අතර එදෙස බලා සිටින වූශියෑන් ගේද මුවේ වෙනදා නොවූ විරූ ආකාරයේ සුන්දර සිනහවක් දැකගත හැකි විය...

එලෙසට එදින ගෙවී උදාවූ දිනයේද වූශියෑන් උදෑසන කාලයේම වංජි හා පුත් කුමරුන් තම මාලිගයට කැදවාගත් අතර මද වේලාවකින් වූශියෑන් ගේ ප්‍රධාන කාර්‍ය්යාලය වෙත පුරෝහිතතුමන් පැමිනියේය...

උතුමානනී මා කැවූවාද...

ඔව් පුරෝහිතතුමා මා ඔබව කැදවූයේ අදිරාජිනිය ගේ අදහසක් ක්‍රියාත්මක කිරීම සදහා ඊට සුදුසු වැඩපිලිවලක් පිලොබදව සාකච්චා කිරීමටයි..

එහෙමයි උතුමානනී ... කුමක්ද ඒ අදහස...

වංජී ඔබම පවසන්න..

එහෙමයි උතුමානනී ....
පුරෝහිතතුමා මා හට අවශ්‍යයි නගරයේ හා ඒ අවට වෙසෙන දුගී ජනතාවට දිනපතා ආහාර ලබාදීමට.. එනම් ඔවුන්ට දිනකදී අවශ්‍ය ආහාර වේල නොමිලේ සපයා ගැනීමට ස්ථානයක් සැකසීමට... ඊට වැඩපිලිවලක් සැකසීමට හැකිද ඔබතුමන්ට...

එහෙමයි අදිරාජිනියනී... නමුත්..

කුමක්ද නමුත්...

පුරෝහිතතමා යමක් පැවසීමට උත්සහ කලත් වූශියෑන් ඊට භාදා කරමින් මදක් හඩගෑ අතර පුරෝහිත ඉක්මනින් බිම බලාගත්තේය...

න්.. නැහැ... උතුමානනී මා පැවසීමට... උත්සහ කලේ...

කුමක්ද...

දුගී ජනයාට නොමිලයේ ආහාර පාන ලබාදීමේදී යම් ගැටලු කිහිපයක් පැනනැගිය හැකියි...

𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪  ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )Onde histórias criam vida. Descubra agora