❤️ 16. දඩුවම 💙

913 146 54
                                    

දිනක් වංජි කුඩා ආචෙන්ද තුරුලකරගෙන තම උයනේ සක්මන් කරමින් සිටින විට කෙදිනකවත් නොවූ ලෙසින් අදිරජුගේ සේවකයෙකු සහ ආරක්ශක නිලදාරීන් දෙදෙනෙක් එහි පැමිනියේය..

අදිරාජිනියනී ආචාර වේවා..

........

අදිරාජිනියනී උතුමානන් ඔබතුමන්ව කැදවාගෙන එන ලෙසට පැවසුවා..

එසේද... නමුත් මේ වෙලාවේ...

එහෙමයි උතුමානනී හදිසි අවශ්‍යතාවයක් ලෙසයි පැවසුවේ...

ම්ම්. හොදයි මා පැමිනෙන්නම්...

එසේ පවසා වංජි කුමරුන් පාලිකා වෙන්චින් අතට දී පාලක සහ පිරිස සමග පිටත්වීමට සැරසුනත් පැමිනි සේවකයා පවසා සිටියේ තමා හා ආරක්ශකයින් දෙදෙනා සමග පැමිනෙන ලෙසත් අදිරාජිනිය ගේ සේවකයින් අනවශ්‍ය බවත් ය...

නමුත් එසේ කෙසේද සිදු කරන්නේ.. අප යා යුතුයි අදිරාජිනිය සමග..

සේවකයා පැවසූ දෙය ඇසුනු සැනින් පාලක යාඕ ඊට විරුද්ධ වුවත් පැමිනි සේවකයා මීලගට සිදුකල දේ නිසාවෙන් ඔහුට තවත් කිසිවක් පැවසීමට නොහැකිවිය.. මන්ද සේවකයා සිදුකලේ අදිරජු ගේ රාජකීය ලාංඡනය ගෙන පෙන්වීමය...

එය දුටු සැනින් වංජිගේ නෙත් විමතියෙන් විසල් වූයේ සිදුවන්නේ කුමක්ද යන්න සිතා ගත නොහැක් වූ නිසාවෙනි..

උතුමානනී කරුනාකර අප සමග පැමිනෙන්න...

සේවකයා එසේ පවසන විට වංජි අසරන බැල්මකින් පාලක යාඕ වෙත බැලුවේ සිදුකල යුත්තේ කුමක්ද යන්න නොදන්නා නිසාවෙනි.. තම උතුමානන්ගේ බැල්මෙන් කියවෙන දෑ හොදින්ම වටහා ගත් යාඕ එක්වරක් දෙනෙත් බරකර ඇසිපිය සලා හිසමදක් ඉහල පහල සෙලවූයේ පවසන ආකාරයට සිදුකරන්න යන්න ඉගිකරමිනි...

එය දුටු වංජි සුසුමක් හෙලා ,

කුමරුන් පෝශනය කරන හෝරාවට පෙර මා හට පැමිනීමට නොහැකි වුවහොත් ඔහුගේ කිරිමව ගෙන්වා ගන්න ... යැයි ඇවසුවේය..

ඉන්පසු පැමිනි සේවකයා සහ ආරක්ශක නිලදාරීන් දෙදෙනා සමග වංජි පිටත්ව ගියේ තම සේවක සේවිකාවන් පුදුමයෙන් බලා සිටිනා අතරතුරේය...

𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪  ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ