උතුමානනී ...
ද්වාරය අසලට යමින් සිටි වූශියෑන් වංජිගෙ හඩින් ආපසු හිස හරවා බැලූ අතර එවිට ඔහුට දැක ගැනිමට හැකි වූයේ තමා දෙසට එක් අතක් දිගු කරගෙන බලා සිටිනා වංජිවය...
ආපසු හැරුනු වූශියෑන් වංජි දෙසම බලා සිටි අතර වංජි තමා දිගු කර සිටි හස්තයේ ඇගිලි සොලවමින් වූශියෑන් හට තමා අසලට එන ලෙසට ඉගි කලේය...
වංජී...
........
වංජි අසලට ගිය වූශියෑන් ,වංජිව ඇමතුවත් ඊට පිලිතුරු දීම වෙනුවට වංජි සිදුකලේ දිගුකර සිටි හස්තයෙන් වූශියෑන් ගේ එක් හස්තයක් අල්ලා ගැනීමය..
ව..වංජි..
තම අදිරාජිනිය ගේ ක්‍රියාවෙන් පුදුමයට පත් වූශියෑන් දෑස් විසල් කර පුදුමයෙන් වංජි ඇමතූවත් .. එව් බව ගනන්කට නොගත් වංජි යහනේ අසුන් ගෙන වූශියෑන්වද තමා අසලින් අසුන්ගන්වා ගත්තේය..
වංජි .. ඔබ අසනීපෙන්ද...
වංජිගේ එක්වරම සිදුවූ වෙනස වටහා ගැනීමට නොහැකි වූ වූශියෑන් අසනීපයෙන්දැයි විමසුවේ
ම්ම්ම්.. නැහැ..
එසේනම්..
මෙහි අසුන්ගන්න උතුමානනී ..
ඒ මන්ද..
යමක් විමසීමට තිබෙනවා..
අහ්..හොදයි
වූශියෑන් එසේ පවසා වංජි අසල අසුන් ගත් අතර වංජිද හොදින් සැකසී වූශියෑන් අසලටම වී අසුන් ගත්තේය..
ම්ම්.. පවසන්න.. කුමක්ද ඔබට මාගෙන් විමසීමට අවශ්‍ය...
එය... මේ ඇයි ඔබතුමන් තවමත් වැරදි කරවුන්ට දඩුවම් නොදෙන්නේ...
නැහැ වංජි ඔබ නොදැනුවත් වූවාට මා දැන් දඩුවම් දීම ආරම්භ කරයි සිටින්නේ...
නමුත්..
මා සිදුකරන්නේ එක්වරම ගෙල සිරකොට මරා දැමීමක් නොවේ වංජි.. මා සිදුකරන්නේ ඔවුන් ලවාම ඔවුන්ගේ දෑතින්ම ඔවුන්ගේ ගෙලම සිරකර ඝාතනය කිරීමක්.. ඉතින් ඊට මදක් කල් ගතවෙනවා.. එනිසා ඔබ ඉවසීමෙන් එදෙස බලා සිටිය යුතුයි..
ම්ම්ම්. නමුත් මිත්තනියන් ..
වංජි ඊට මට කමා කරන්න.. මේ කුමන්ත්‍රණයේ කොටස් කාරියක් වුවත් මට නොහැකී ඈට දඩුවම් කිරීමට.. නමුත් සියල්ල හෙලි වූ පසු මා ඇයට ඇගේ වැරදි මතකයට නගා දෙන්නම්... එහෙත් ඈට දඩුවම් කිරීමට මට සිත එකග කරගත නොහැකී.. එසේම ඈ සිදුකල දෙයින් මට එක් අගබිසවක් අහිමිවුවත් තවත් සුන්දර, ආදරනීය අගබිසවක් ලැබී තිබෙනවා.. එනිසා මට ඈට දඩුවම් කල නොහැකී... මට සමාවෙන්න ..
YOU ARE READING
𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪 ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )
Fanfictionහැ..හැ..හැකිද ඔබ ..ඔබතුමන්ට.. එ..එ.එක් වර..ක් මා..හට.. ආ..ආදරයෙ...න් ආ..මන්ත්‍රණය කරන්න..💙 ල..ල ලාන් චාන්..❤ ❤️ xianwang 💙 / ❤️ zhanyi 💚