උදෑසන දහයේ හෝරාව වනවිට ජන්මදින සාදය ආරම්භවූ අතර ඊට රජමැදුරේත් ඉන් පිටතත් සිටි සියලුම බලවතුන් හා වංශවතුන් සහභාගීවී සිටියේය.. ඒ අතර මුලසුනේ ලාන් පෙලපතේ සාමාජික සාමාජිකාවන් වූ අතර ඔවුන් සියල්ලන්ගේම පාහේ මුහුනුවල ආඩම්භරය මුසුවූ සිනහවක් දැකගැනීමට හැකිවිය..
උත්සවය නිලවශයෙන් ආරම්භ වූ බව දන්වමින් වංජි හා වූශියෑන් පුත්කුරුන්ද සමග උත්සව භූමියට සම්ප්‍රාප්ත වූ අතර එටැන් පටන් සාදය වෙනුවෙන් සංවිධානය කරන ලද නැටුම් ගැයුම් හා සංග්‍රහයන් ආරම්භවූයේය...
සුභ ජන්ම දිනයක් වේවා අදිරාජිනියනී ... //
දීර්ඝායුශ වේවා අදිරාජිනියනී //
රැස්වසිටි සියලුදෙනා එක හඩින් වංජි හට සුභ පැතූ අතර වංජි ඒ සියල්ලන්ටම සුන්දර සින්හවකින් සංග්‍රහ කරමින් ස්තූතිය පලකලේය..
ඉන්පසු මැතිඇමති වරුන් මෙන්ම රාජකීයන්ද වංජි හට සුභ පතමින් වටිනා ත්‍යාග පිරිනැමීමට පටන්ගත්තේය... එසේ සුභපැතූවන් අතර එක් විශේශ පුද්ගලයෙක් වූයේය.. ඒ ජියැන්ග් ශෙන්ග් කුමරුන් ය.. ඔහු සිනාමුසු මුහුනින් යුතුව වංජි අසලට පැමින සේවකයෙකු විසින් ගෙනා විශාල රන් පැහැ බහාලුම වංජි ඉදිරියේ තැබුවේ ඔහුට සුභ ජන්මදිනය පතමිනි..
සුභ ජන්මදිනයක් වේවා අදිරාජිනියනී ..
ස්තූතියි කුමරුනී...
එදින මා පසුව ඔබතුමන් හමුවන්නම් යැයි පැවසුවට් මාහට නොහැකිවූවා ඊට කාලය වෙන්කර ගැනීමට එනිසා එයට සමාවෙන්න අදිරාජිනියනී..
එය ගැටලුවක් නැහැ.. කුමරුනී අපට හැකී පසුව හමුවන්නට නිදහස් හෝරාවක..
එසේයි.. මා පැමිනෙන්නම් ඔබතුමන්ගේ මැදුරට ඉතාම ඉක්මනින්.. එසේම මට සමාවෙන්න ඔබතුමන් අසනීපවූ අවස්ථාවේ සුවදුක් විමසීමටවත් නොහැකිවීම පිලිබදව ඔබතුමන් අනතුරට ලක්වූබව මා දැගත්තේ පසු දිනෙකයි.. එනිසා ඔබතුමන් බැහැදැකීමට පැමිනීමට නොහැකි වූවා...
එය ගැටලුවක් නැහැ කුමරුනි ... දැන් මා සුවුන් පසුවනවා එනිසා ඒ පිලිබදව කරදර වීම අනවශ්‍යයි ...
YOU ARE READING
𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪 ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )
Fanfictionහැ..හැ..හැකිද ඔබ ..ඔබතුමන්ට.. එ..එ.එක් වර..ක් මා..හට.. ආ..ආදරයෙ...න් ආ..මන්ත්‍රණය කරන්න..💙 ල..ල ලාන් චාන්..❤ ❤️ xianwang 💙 / ❤️ zhanyi 💚