❤ 4. මෑණියන් 💙

1K 149 19
                                    

* * මේ කොටසට කලින් ❤️ කැමැත්ත අකමැත්ත 💙 කොටස කියවලා ඉන්න... පොඩි වැරදීමක් වෙලා ඒත් ඒක හරිගස්සන්න බෑ.. 🥺 ****

••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••••

අදිරජ වෙයි වූශියෑන් ගේ සහ ප්‍රදාන අමාත්‍ය ලාන් කිරන්ගේ පුත් ලාන් වංජිගේ විවාහයට තවත් ඉතිරිව ඇත්තේ හෝරා පහලොවකට ආවසන්න කාලයක් පමනි...

චාරිත්‍රානුකූලව විවාහයට පෙර දින මනමාලියගේ හෝ එම තනතුර දරණ පුර්ශයාගේ නිවසේ ඥාති හිතමිත්‍රාදීන්ට පවත්වන රාත්‍රී බෝජන සංග්‍රහය සහ සාදය ලාන් මැදුරේත් පැවතුනත් ලාන් මැදුරේ මූලිකයින් තිදෙනා නම් සිටින්නේ පැවසීමට තරම් සතුටකින් නොවේ..

සිදු නොකර බැරි නිසාවෙන් ඔවුන් තිදෙනා සාදය පවත්වනවා විනා ,නැතිනම් සාදයකට තරම් මානසික නිදහසක් ඔවුන් තිදෙනාට නොවන්නේය..

මවාගත් සිනහවකින් මුව සරසාගත් තිදෙනා අමුත්තන්ගේ ඕනෑ එපාකම් බලන්නට සේවක සේවිකාවන් යොමු කරමින් කාර්‍ය්බහුල වීමට උත්සහ දරමින් සිටියේය.. ඒ මදකට හෝ තම සිතෙහි ඇති දුක වේදනාව අමතක කර දමනා අරමුනෙණි..

ඉස්තරම්ම වර්ගයේ මදුවිත ජාතීන්ගෙන් පදමට මත් වූ නැගෙනහිර පාර්ශවයේ අමාත්‍ය වරුන් හා ලාන් පවුලේ ඥාතීන් ඉදිරියේදී තම තමන්ට හිමිවිය හැකි වර්ප්‍රසාද ,තනතුරු නාම පිලිබදව කතිකා කරමින් ශබ්ද නගා සිනා සෙමින් අත්පුඩි ගසමින් සාදය බුක්ති විදිද්දී තව දුරටත් එදෙස බලා සිටීමට නොහැකි වූ ලාන් යී අවසරගෙන තම කුටියට වෙත් පිටව ගියේ වංජි දෙස බැල්මක්වත් නොහෙලාය..

මීට දින තුනකට ඉහතදී ලාන් කිරන් පැවසූ දෝවගර් රැජිනිය ගේ යෝජනාවට වංජි එකග වූ මුහොතේ පටන් ඇය ඔහු හා අමනාපයෙන් පසුවන්නේය.. තමාට පිටුපා පිටව යන තම මෑනියන් දෙස දුක්මුසු බැල්මකින් බලා සිටි වංජි පිරිසගෙන් අවසර ගෙන මව සොයා පිටව ගියේ අවසන් වතාවටත් ඈ හා කතිකා කිරීමට මග පාදා ගන්නා අරමුනෙණි..

මවගේ කුටිය අසලට ගිය වංජි අවසර ගැනීමකින් තොරව ඊට ඇතුලු වූයේ අවසරය විමසා සිටියහොත් කිසි ලෙසකින් ඔහුට ඇතුලු වීමට අවසර නොලැබෙන බව දන්නා නිසාවෙනි..

𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪  ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ