❤️40. යලිත් වරක් 💙

833 111 38
                                    

Zhan 's pov

නැහැ... ඒක වෙන්න බැහැ...එහෙම වෙන්න බැහැ..

ජානා .. ඕයි නැගිටපන් පිස්සු කෙලින්නේ නැතුව හොද සිහියෙන් හිටපන් 

ශූයා ඒ මගේ...

ඔව් යකෝ උබේ තමා .. උබේ තමා ඉතුරු ටිකත් අහපන් නැගිටලා පිස්සෙක් වගේ හැසිරෙන්නේ නැතුව.. 

බැහැ බං මට බැහැ උබට තේරෙන්නේ නෑ මට දැනෙන වේදනාව මගේ දුක, යකෝ අවුරුදු දොලහක් හරියටම අවුරුදු දොලහක් කිසිම හේතුවක් නැතුව පෙනුන ,කිසිම තේරුමක් නැතුව පෙනුණ හීනේ ,හිනයක් නෙමේ කියලා දැනෙද්දී මට හිතෙන්නේ මොනවද කියලවත් උබට තේරෙනවද ආ... මට කියපන්  උබට තේරෙනවද..

ජානා මේ අහපන් මට තේරෙන්වා උබ ඉන්න තත්වේ ඒත් මම කියන්නේ උබ දැක්ක හීනේ ඇත්තමද කියලා බලන්න ඉතුරු ටිකත් කියවලා බලමු කියලා. 

..................

ම්ම්ම් හාද මම කියවන්නද ඉතුරු ටිකත් .. 

ඕනෙ මගුලක්.. 

*********************************************

....යුන්මෙන්ග් අදිරාජ්‍යය.....

දුගී දාන ශාලාව සහිත භූමියේ එක් පසකට වන්නට පිහිටි මදක් පැරණි ගොඩනැගිල්ල අසලට වී වංජි පූර්ණ ලෙස පායා තිබූ චන්ද්‍රයා දෙස බලමින් සුසුම් ලන්නට වුයේ සිතට දැනෙනා වේදනා බර හැගීම කිසිවෙකුටත් පවසා ගැනීමට නොහැකි නිසාවෙනි. වංජි හට ඇත්තේ වූශියෑන් අමනාප වීම නිසා ඇතිවූ වේදනාවම ද නොවේ.. තමා සතු සියල්ල තමාට අහිමි වූවා වැනි හැගීමක් ඔහුට දැනෙමින් තිබූ නිසා ඔහු සිත් වේදනාවට පත් වී සිටියේය..

දිගු වේලාවක් අහස දෙස බලා සිටි වංජිගේ දැහැන බිදුනේ පා හඩක් නිසාවෙනි .. අමනාපයෙන් සිටියත් වූශියෑන් තමා පිලිබදව උනන්දු වන බව දන්නා නිසා වංජි , ඒ පැමිණ සිටින්නේ වූශියෑන්‍ යැයි අනුමාන කොට දුක්බර මුහුණක් මවා ගනිමින් පා හඩ ඇසුනු දෙසට හිස හැරවූයේ තම සැමිය දැක ගැනීමේ අරමුනෙණි. 

නමුත් සිදුවූයේ කිසිවිටෙකත් නොසිතූ දෙයකි ..... කලු පැහ රෙදි කඩවලින් මුහුණු වසා ගත් මැරයන් යැයි සැලකිය හැකි පුද්හලයින් පස් දෙනෙකු තමා පිටුපසින් අසිපත් අමෝරාගෙන සිටිනා ආකාරය දුටු වංජි එක්වරම භීතියට පත්වූයේය. 

𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪  ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )Où les histoires vivent. Découvrez maintenant