❤️ 2. තනතුර හිස්..💙

1.1K 150 18
                                    

තම අදිරාජිනියගේ අභාවයෙන් පසු දිනක් ගත වුවද අදිරජු තවමත් කිසිවෙක් හමුවූයේ නැත .. තම ආදරනීය අදිරාජිනියගෙන් තමාට හිමිවූ එකම තිලිනය වූ තම පුත් කුමරු තුරුලේ තබාගෙන තම යහනට හී නොහඩා හඩමින් සිටි අදිරජු හමුවීමට සැනසීමට මව් රැජින හා ඔහුගේ මිත්තනිය උත්සහ කලත් ඉන් පලක් වූයේ නැත.. සැමගෙන් සැගවී එලෙස දින තුනක් ගෙවා දැමූ අදිරජු ඊලග දිනයේ තම පුතුත් රැගෙන කුටියෙන් පිටතට පැමිනියේ සැවොම සැනසුම් සුසුම් හෙලන අතර තුරේය..

කුමරුන්ව ඔහුගේ කිරිමවුන්ට භාර දෙන්න .. මා දහවල් භෝජන ලබාගත් පසු හා රාත්‍රීකාලයේ කුමරු මා වෙත රැගෙන එන්න..

කුමරුන්ව තම ප්‍රධාන පාලිකාව අතට දෙමින් අදිරජුන් කියා සිටියේය..

ප්‍රධාන පාලක, පුරෝහිත කැදවාගෙන පැමිනෙන්න..

එහෙමයි අදිරජුනි...

ටික වේලාවකින් ප්‍රධාන පාලක පුරෝහිතතුමා සමග අදිරජුන්ගේ මැදුර වෙත පැමිනියේය..

අදිරජුනි... දෙදෙනාම අදිරජුට ආචාර කල පසු අදිරජුන් ඔවුන් දෙදෙනාට අසුන් ගන්නා ලෙසට පැවසූ අතර ඔවුන් අදිරජුන් ඉදිරියේ අසුන් ගත්තේය..

ගෙවීගිය දින කිහිපයේ සිදුවූ සියල්ලක්ම මා හට පවසන්න..

අදිරජුනි තවමත් අදිරාජිනියගේ මරනයට හේතුව අපට සොයා ගැනීමට නොහැකි වුනා ඊට කමා කරනු මැනවි..

............

රාජ්‍යයේ තත්වය සාමකාමීයි උතුමානනි ඒව්පිලිබදව පැවසීමට ගැටලුවක් නෑ.. නමුත් අමාත්‍ය මන්ඩලය නම් යම් කැලබීමකිනුයි පසුවන්නේ..

ඒ කුමක් නිසාද..

දැන් අදිරාජිනියගේ තනතුර හිස්ව පවතින නිසා...

දැන්ම මට ඒ පිලිබද ක්‍රියාමාර්ගයක් ගැනීමට කිසිදු අදහසක් නෑ..

නමුත් උතුමානනී ඒ තනතුර හිස්ව තැබිය නොහැකී.. අනෙක් කාරනය නම් කුමරුන්ට භාරකාර මවක් සිටිය යුතුයි .. නැතහොත් කිරුල ලබාදීමේදී ගැටලු ඇති වේවි..

කිරුල පිලිබදව නුබලා කලබල වියයුතු නැහැ.. එය සුදුසු කාලයේදී සුදුසු තැනැත්තාට හිමිවේවි..

𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪  ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )Where stories live. Discover now