දිනෙන් දින ගෙවී ගියේය.. වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදිමක් එතෙක් සිදු නොවුනත් වුශියෑන් සෑම විටම වංජි අසල රැදෙමින් ඔහුව හොදින් රැක බලා ගත්තේය.. ඒ වනවිට වංජි බොහෝ දුරට සුවය ලබා සිටියත් දෙපාවල මද වේදනාවක් හා පිලිස්සුම් තුවාලයේ මද වේදානාවක් තව දුරටත් දැනෙමින් තිබිනි.. නමුත් ඔහු ඒ බව නොතකා තම රාජකාරි ඉටු කිරීමට උත්සහ දැරුවත් ඒ සෑම අවස්තාවකම වූශියෑන් ඔහුව වලකාලූයේය.. තනිව ඇවිදයාමට හෝ තනිව තම සලුපිලි පලදා ගැනීමට හෝ වෙනත් යමක් සිදු කිරීමට උත්සහ කරන සෑම විටකම වූශියෑන් එහි පැමින ඒ සියල්ල නවතා දැමුවේය.. එසේ නවතා දමා නොනැවතුනු ඔහු එම කාර්ය්යන් තම් දෑතින්ම වංජිට ඉටු කර දීමට හෝ නැතිනම් සේවිකාවක් ලවා ඉටුකරවා දීමට ඔහු කටයුතු කලේය.. එසේ තම රාජකාරි වූශියෑන් විසින් ඉටුකිරිමට උත්සහ කරන සෑම අවස්තාවකම වංජි ඊට විරුද්ද වුවත් ඔහුගේ විරුද්දත්වය නොසලකා ඒ සියල්ල ඉටුකිරීමට වූශියෑන් උත්සහ ගත්තේය.. එසේ දිගින් දිගටම තම විරුද්ද විම නොසලකා වූශියෑන් තමාඅ උපකාර කරන බව තේරුම් ගත් වංජි දිනෙන් දින එම ක්‍රියාවන්ට විරුද්ද වීම නවතා දැමුවේ ඊට විරුද්ද වීමෙන් කිසිදු පලක් නොවන බව වැටහුනු නිසාවෙනි..
එලෙස ගෙවීගිය සමහර දිනයහිදී වුශියෑන් වංජි හා පුත් කුමරුන් සමග රාත්‍රියේ අදිරාජිනියගේ මාලිගයේම සැතපුනු අතර එම සෑම දිනකම වංජි රාත්‍රිය පහන් කලේ නිදි වර්ජිතවය..
එසේ දින ගෙවී ගොස් වංජි සම්පුර්ණ සුවය ලැබුවේය.. නමුත් ඇවිදින විට මදක් නොන්ඩි ගැසීම හා ඇතැම්විට ඇතිවෙන පිලිස්සුම් තුවාලයේ වේදනාව එලෙසටම පැවතුනි.. කෙසේ වෙතත් වංජි ඒ වනවටි ඔහුගේ සුපුරුදු ජීවන රටාවට යලි අනුගත වී සිටියේය... උදෑසන අවදිවී තමා පිරිසිදු වී වූශියෑන් හට සූදානම් වීමට උපකාර කිරීම සදහා පිටත්ව යාමට ඔහු නැවත්තත් පුරුදු වී සිටියේය...
එසේ උදෑසන පැමිනෙන වංජිට වූශියෑන් පෙර ලෙස මෙන් නොව හොදින් සැලකූ අතර තම කරයුතු ඉටු කරදෙන විට වුවද ඊට යම් සහයක් ලබා දුන්නේය..
එසේ පැමිණි එක් දිනක් වංජි වූශියෑන් හා කතිකා කිරීමට අවශ්‍ය බව කියා සිටියේය...
![](https://img.wattpad.com/cover/313754536-288-k766818.jpg)
ESTÁS LEYENDO
𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪 ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )
Fanficහැ..හැ..හැකිද ඔබ ..ඔබතුමන්ට.. එ..එ.එක් වර..ක් මා..හට.. ආ..ආදරයෙ...න් ආ..මන්ත්‍රණය කරන්න..💙 ල..ල ලාන් චාන්..❤ ❤️ xianwang 💙 / ❤️ zhanyi 💚