පාලක එසේ දැන්වූ පසු වංජි අපහසුවෙන් තම දෙපා යහනෙන් බිමට තැබීමට උත්සහ කලත් ඊට පෙර ඉක්මන් වු වූශියෑන් වංජිගේ තුවාල නොපෑරෙන පරිදි ඔහුව තම දෑතට ගත්තේ තම පපුවේ වු තුවාලය පැරි වේදනා දෙන අතරතුරේය..
ආ..හ් උතුමානනී....
..............
කිසිවක් නොපැවසූ වූශියෑන් ප්‍රවේශමට වංජිව ඔසවාගෙන ගොස් බිම් යහනේ තැබු අතර වියලක් රහිත් යහනේ සුව පහසු ලෙස අසුන් ගෙන සිටිය නොහැකි නිසා ඔහුව එහි සැතපුවේය.. ඉන් පසු ඔහුද ඒ අසලින් අසුන් ගෙන නිලධාරීන් තිදෙනා හා පාලක කැදවූයේය..
අහ්...ම් මා අසුන්ගත යුතුයි..
එසේ අවශ්‍ය නෑ ඔබ සැතිපී සිටින්න...
නමුත්....
වංජී තවත් යමක් පැවසීමට උත්සහ කලද ඒ වන විටත් නිලදාරීන් කුටියට ඇතුල් වී සිටි නිසා යලිත් නිශ්ශබ්ද විය..
අපගේ ආචාරය අදිරජුනි , අපගේ ආචාරය අදිරාජිනියනි..
අසුන් ගන්න...
හොදමයි..
මට දැනගැනීමට අවශ්‍යයි ඔබලා සත්‍ය සොයා ගත්තේ කෙසේද කියා.. එනිසා සියල්ල මා හට පවසන්න...
උතුමානනී..... අප...
නිලධාරී... සිචෙන්.. එතුමන්ට... පවසන්න.....සියල්ලය.. එසේම.. මටත් .. මන්ද මාද.. ඉන් දන්නේ සුලු කරුනු කීපයක්... පමණයි..
රජු විමසූ පැනයට පිලිතුරු දීමට පෙර නිලදාරි සිචෙන් තමා දෙස බැලූ නිසා වංජි එසේ පැවසුවේය..
හොදමයි අදිරාජිනියනි..
අදිරජුනි මා හට සිතා ගත නොහැකියි පැවසිය යුත්තේ එසේද කියා නමුත් මා අප කලකී දෑ මුල සිටිම ඔබතුමන්ට පවසනම්...
පලමු වරට අප තිදෙනා අදිරාජිනිය හමුවී දැන අත් පරිදි එනම් ඔබතුමන් අදිරාජිනියන් හට පවසා තිබූ පරිදි.. මුලුන්ම අපද සිතුවේ මෙය දෝවගර් රැජිනිය හා අදිරාජිනියන්ගේ පියානන් එක්ව සැලසුම් කෙරූවක් බව... එනිසා අප දෝවගර් රැජිනියගේත් අමාත්‍ය ලාන්ගේත් මැදුරු වල ඔත්තු කරුවන් රැදවූවා... එසේ කලත් අපට අමාත්‍ය ලාන්ගේ මැදුරෙන් කිසිදු සැක සහිත් යමක් දැන ගැනීමට නොහැකි වූවා.. දැන ගත හැකි වු එකම කරුන නම් ලාන් මැතිනිය අපගේ අදිරාජිනිය මෙලෙසට මාලිගයට යැවිම පිලිබදව නිතර අමාත්‍ය ලාන් සමග බහින් බස් වීම් ඇති කර ගන්නා බවයි.. එනිසා අපට යම් සැකයක් ඇති වූවා අමාත්‍ය ලාන් මීට සම්බන්ද නැතිද එසේත් නැතිනම් සම්බන්දවි සිට එය සගවනවාද යන්න කියා..නමුත් එක් දිනක් අපගේ ඔත්තුකරුවෙකුගෙන් අපට දැන ගැනීමට හැකි වුවා සාමන්‍යයෙන් නොවන, නමුත් හ්දිසියේ සිදුවූ යම් සුවිශේශී කරණයක් පිලිබදව.... එනම් අමාත්‍ය චින් යෙන් දෝවගර් රැජිනිය හමුවීම.. ඔබතුමන්ටත් වැටහෙනවා ඇති එහි ඇති පුදුම සහගත කරුණ මන්ද බටහිර පාර්ශවයේ ප්‍රධාන අමාත්‍යවරයා නැගෙනහිර පාර්ශවයට සහය දක්වන ඔබතුමන්ගේ මිත්තනියන් හමුවීම තරමක් සිවිශේෂී කරුණක්... එනිසා අප ඒ කරුණ පිලිබදව මදක් අවදානයෙන් පසුවූවා. එසේ අවදානයෙන් පසු වුවත් අපට දැන ගැනීමට හැකිවුයේ එදිනෙන් පසුව නැවත එතුමන් දෝවගර් රැජිනිය සොයා නොආ බවයි..
أنت تقرأ
𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪 ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )
أدب الهواةහැ..හැ..හැකිද ඔබ ..ඔබතුමන්ට.. එ..එ.එක් වර..ක් මා..හට.. ආ..ආදරයෙ...න් ආ..මන්ත්‍රණය කරන්න..💙 ල..ල ලාන් චාන්..❤ ❤️ xianwang 💙 / ❤️ zhanyi 💚