උපබිසවක් ලෙස චින් යැන්සි මාලිගයට පැමින දින කිහිපයක් ගතවී තිබිනි.. පෙර දිනක උදෑසන අදිරජු ගේ මාලිගය ඉදිරිපිටදී සිදුවූ සිදුවීමෙන් අනතුරුව ඇය හවස් කාලයේ වංජි හට ආචාර කිරීමට පැමිනියත් එය සිදුවූයේ මව් බිසව හා දෝවගර් රැජිනිය ඉදිරිපිටදී නිසා ඈ හට වංජි හා හරි හැටි කතා බස් කරන්නට අවස්තාව නොලැබුනේය.. මව් රැජිනිය හා දෝවගර් රැජිනිය ඉදිරිපිටදී එදින උදෑසන පෙන්නූ කිසිදු උඩගු කමක් නොපෙන්වූ ඈගෙන් වංජි අවබෝධ කරගත්තේ ඈ ඉතා කපටි ස්ත්‍රියක් බවයි..
ඉන් පසු සිව් දිනක් ගෙවී ගිය අතර කිසිදු විශේශ යමක් නොවූයෙන් වංජි කාලය ගත කලේ අලස කමින් යුතුවය.. උදෑසන අවදිවී හොදින් පිරිසිදුවී අදිරජුන් ට සහය වීමට පිටවන ඔහු නැවත පැමිනෙන්නේ අදිරජුන් හා උදෑසන ආහාරයද ගෙන අවසානයේය.. ඉන් පසු සේවිකාවන් විසින් පිරිසිදු කර සරසවා තබන කුමරුන් පෝශනය කර ඔහු හා දහවල තෙක් කල් ගෙවන වංජි දහවල් ආහාරයෙන් පසුව මද වේලාවකට කුමරුන්ද රැගෙන දෝවගර් රැජිනිය ගේ මැදුර වෙත පිටව යන්නේය.. ඉන් පසු යලිත් මාලිගයට පැමින තමා හමුවට කවුරුන් හෝ පැමිනිය හොත් ඔහුන් හා කතා බස් කර මද වේලාවක් සැතපී හිද.. හවස් යාමයේ මාලිගා උද්‍යානයේ සක්මන් කරන්නේ කුමරුන්ද තම තුරුලේ හොවාගෙනය.. එසේ සිටින ඇතැම් විටක වූශියෑන් එහි පැමිනියහොත් හැරෙන්නට වෙනකෙක් ඔහු හමු වීමට නොපැමිනෙන අතර රාත්‍රියේද කිසිදු විශේෂයක් එම දින කීපය තුල සිදු නොවූ තරම්ය..
එසේ ගෙවීගිය සිව් දිනට පසුව උදාවූ එක් දිනක සන්ධ්‍යා කාලයේ වංජි කුටියට වී පුතු සමග කල් ගතකරමින් සිටියදී එක්වරම ද්වාරය අසල සිටි පාලක යාඕ කියා සිටියේ යැන්සි උපබිසවුන් පැමින සිටින බවයි..
උතුමානනී ... චින් උපබිසව පැමින සිටිනවා...
කැදවන්න...
වංජි එසේ පවසා අවසන් වනාවත් සමගම යැන්සි එහි ඇතුලු වූ අතර වංජි ඇය දෙස කුතුහලය මුසු බැල්මකින් බලා සිටියේය..
අදිරාජිනියනී ..
අසුන්ගන්න.
ස්තූතියි ..
ඔබ මෙහි පැමිනියේ..
අහ් අදිරාජිනියනී මා මෙහි පැමිනියේ පුත් කුමරුන් දැක ගැනීමටයි...
YOU ARE READING
𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪 ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )
Fanfictionහැ..හැ..හැකිද ඔබ ..ඔබතුමන්ට.. එ..එ.එක් වර..ක් මා..හට.. ආ..ආදරයෙ...න් ආ..මන්ත්‍රණය කරන්න..💙 ල..ල ලාන් චාන්..❤ ❤️ xianwang 💙 / ❤️ zhanyi 💚