මා ඔබට පෙම් කරනවා... වංජි...
යැයි පැවසුවේ වංජි ගේ කදුලු ඉකියක් සමගම පිටතට පැමිනෙද්දීය...
වංජී...වංජී.. ඇයිද මේ කුමක්ද සිදුවූයේ .. ඇයි මේ ඔබ හඩන්නේ....
මා..මා... කෙසේද... ඔබතු...මන්ගේ.. වචන පමනක්.. විශ්වා...ස කරන්නේ....
වංජී.. නොහඩා සිටින්න .. මා පැවසුවේ මාගේ සිතේ පවතින ඔබ කෙරෙහි ඇති ස්නෙහස පමනයි.. ඔබ ඒ ගැන වදවිය යුතු නැහැ...
නැහැ.. නැහැ.. එසේ නොවේ.... මායි... මායී එය ප්‍රථමයෙන් සිදුකලේ...
ඒ පිලිබදව නොසිතන්න.. එය එක්වරම සිදුවූවක්.. එනිසා යලි එය පිලිබදව නොසිතා සිටින්න...
නැහැ උතුමානනී .. නැහැ... තවට් මාහට මෙය සගවා සිටිය නොහැකී.... එය මා හට බොහෝ වේදනා දෙනවා... මා ඔබතුමන් හා වාසයට පැමිනි දිනයේ පටන් ඔබතුමන්ට ආලය කිරීමට පටන් ගත්තා නමුත් ඊට මාහට අවස්තාවක් ලැබුනේ නැහැ... නමුත් මාහට මාගේ... හදවත අගුල් ලෑමට නොහැකි වූවා උතුමානනී ... මට කමාකරන්න....
වංජී.. වංජී ඇයිද මේ... නාඩා සිටින්න... ඔබේ ඔය සුන්දර මුහුන අවලස්සන වේවි...
නැහැ...
වංජි එසේ පවසමින් අත්ල මත මුහුන හොවාගෙන හැඩීමට පටන් ගත්තේ වූශියෑන් ඔහුගේ හැඩීම නැවැත්වීමට උත්සහ දරනා අතරතුරේය...
වංජි මදක් මා දෙස බලන්න... මාහට ඔබට පැවසීමට යමක් තිබෙනවා.. කරුනාකර හැඩීම නවත්වන්න ඔබ අසනීප වේවි...
වූශියෑන් එසේ පවසමින් වංජිගේ මුහුන ඔහුගේ දෝතට ගත් අතර වංජි හඩමින් වුවද වූශියෑන් දෙස බලා සිටියේ වූශියෑන් පැවසීමට උත්සහ ගන්නා කරුණ දැනිගැනීමේ උවමනාව නිසාය...
වංජී.. මා මෙය මෙසේ පවසන පලමු අවස්ථාව.. නමුත් මෙයයි මාගේ සත්‍ය හැගීම.. හොදින් සවන්දී සිටින්න... ඔබ මෙන්ම මාද ඔබදුටු මුල්දිනයේම ඔබට පෙම්කිරීමට පටන්ගත්තා... ඔබ ගැන සිතා බැලීමට පටන්ගත්තා නමුත් මාහට එය ඔබට ඇගවීමට අවශ්‍ය වූයේ නැහැ... කල් ගත්වද්දී මා ඔබට වේදනා ගෙන දීමට උත්සහ කලත් සැබෑවටම ඒ සියල්ලකින්ම දුකට පත්වූයේ මමයි... එදින මා ඔබට පෙර අගබිසෝ මාලිගයේදී පහර දුන්නත් හිරිහැරකලත් පසුව මාගේ ආරක්ශක ලවා ඔබගැන සියලු තොරතුරු සොයා බැලුවා... ඒ මා ඒවනවිටත් ඔබට පෙම් කරමින් සිටි නිසයි .. නමුත් මට නොහැකි වූවා මාගේ උම්මත්තක ක්‍රියාව නවත්වාලන්නට... ඊට මට කමාකරන්න... මා ඔබව ඝාතනය කිරීමට උත්සහ කල මොහොතේද මා දහස්වරක් හිතෙන් හඩා වැටුනා නමුත් මට එය නොකර සිටීමට නොහැකි වූවා... මන්ද මාහට මාගේ ප්‍රේමය වෙනුවෙන් සාධාරණයක් ඉටුකිරීමට අවශ්‍ය වූවා... එහෙත්.... එහෙත් .. සෑම විටම මා ඔබට හොර රහසේ පෙම්කලා... මා දන්නවා.. ඔබ මට පැවසූවා ඔබ මා හට පෙම් කල බව... ඔබ දන්නවාද එය සවන් වැකුනු මොහොතේ මාගේ හදවත සතුටින් පිනා ගියා නමුත් ඒ හා සමානවම මාගේ හදවත වේදනාවෙන් හඩා වැටුනා... මන්ද මා මාහට පෙම්කල ඔබට ලබාදී තිබුනේ ඉහිලිය නොහැකි තරමේ වේදනාවක්.... නමුත් එදිනම ඔබ පවසන විට යලි මාහට පෙම් නොකරන බවට මා මාගේ සිතටම තරවටු කෙරූවා ඔබ සාධාරනයැයි සිතමින්.. නමුත් .. නමුත් මා හට ඔබේ නිර්දෝශීබාවය ඔප්පු වූ දිනයේ සිට ඔබෙන් ඈත්ව සිටීමට නොහැකි වූ... මාහට ඔබට ලබාදීමට නොහැකි වූ සෙනෙහ්ස ලබාදීමට අවශ්‍ය වූවා... එනිසයි ඔබ කෙතරම් මා ප්‍රතික්ශේප කලත් ඒ කිසිවක් ගනනකට නොගෙන ඒ සියල්ල ඉවසා දරා ඔබ අසලින් රැදීමට උත්සහ දරන්නේ... ඉතින් .. ඔබ තවමත් සිතනවාද ඔබ පමනක් මාහට පෙම්කල බවට.....
BINABASA MO ANG
𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪 ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )
Fanfictionහැ..හැ..හැකිද ඔබ ..ඔබතුමන්ට.. එ..එ.එක් වර..ක් මා..හට.. ආ..ආදරයෙ...න් ආ..මන්ත්‍රණය කරන්න..💙 ල..ල ලාන් චාන්..❤ ❤️ xianwang 💙 / ❤️ zhanyi 💚