හෝරා දහයක් ගෙවීගියත් වංජි පෙර ලෙසම සිහිසුන් තත්වයේ පසුවද්දී වූශියෑන් ඒ අසලටම වී කාලය ගත කරන්නට වූයේ තම සිගිති පුතු රැක බලා ගනිමිනි..
එලෙසට මුලු රාත්‍රියම වරින් වර අවදිවෙමින් ගෙවාදැමූ වූශියෑන් පසුදා උදෑසන හතේ හෝරාවට පමණ අවදිව තනිව සූදානම් වූයේ පෙර දිනයන් හිදී වංජි හරි අපූරුවට තමාට සහය වූ ආකාරය පිලිබදව සිතමිනි..
සූදානම් වූ වූශියෑන් යලිත් වංජි අසලට පැමිනෙන විට ඔහුට දැකගත හැකි වූයේ මදින් මද සෙලවෙන වංජිගේ සිරුරය..
විටෙක අතැගිලිත් විටෙක දෙතොලත් සෙලවෙන වංජිගේ සිරුර අසලට දිව ගිය වූශියෑන් පාලක යාඕට කෑ ගැසුවේ වහා වෙදදුරු කැදවාගෙන එන ලෙසටය...
ම්ම්ම්ම්හ්...
වංජී... දෑස් විවර කරන්න...
ම්ම්ම්ම්..
වංජී.. වංජී ඔබට මා ඇසෙනවද...
............
පාලක යාඕ වෙදදුරු කැදවාගෙන එන අතරතුර වංජි මදින් මද කෙදිරිලි නැගීමට පටන් ගත් නිසා වූශියෑන් ඔහුගේ මුහුනට සෙමෙන් තට්ටු කරමින් දෑස් විවර කරවීමට උත්සහ දැරුවේය..
නමුත් දෑස් විවර කරනු වෙනුවට වංජිගේ දෑසින් කදුලු ගලායෑමට පටන්ගත් අතර ඉන් කලබලයට පටන් ගත් වූශියෑන් යලිත් වංජිට කතාකිරීමට පටන් ගත් නමුත් එවලෙහිම වෙදදුරු ශියාඕ පැමිනි නිසා වූශියෑන් යලිත් නිහඩ වූයේය..
ඉන් පසු වෙදදුරු ඉක්මනින් වංජිගේ තත්වය පරික්ශා කිරීමට පටන් ගත්තේය ..
කෙසේද ඔහුට...
උතුමානනී ...
වහා පවසනු කෙසේද ඔහුට...
උතුමානනී එතුමන් දැන් ප්‍රකෘති තත්වයට පත්වෙමිනුයි සිටින්නේ.. නමුත් යම් වේලාවක් ගත්වේවි පියවි සිහිය ලැබීමට... මන්ද එතුමන් යම් කම්පන තත්වයකින් පසුවෙනවා..
කු..කුමක්ද...
සිදුවූ යම් දෙයක් නිසාවෙන් එතුමන් කම්පනයට ලක්වී තිබෙන්වා... එනිසා සිහිය ලැබුවත් නිවැරදි ලෙස සිහිය ලැබීමට යම් කාලයක් ගතවේවි..
YOU ARE READING
𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪 ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )
Fanfictionහැ..හැ..හැකිද ඔබ ..ඔබතුමන්ට.. එ..එ.එක් වර..ක් මා..හට.. ආ..ආදරයෙ...න් ආ..මන්ත්රණය කරන්න..💙 ල..ල ලාන් චාන්..❤ ❤️ xianwang 💙 / ❤️ zhanyi 💚