එලෙස දින තුනක් ගෙවී ගියේය .. ඒවනවිට වංජිගේ පාදය බොහෝ දුරට සුවවී තිබූ අතර පෙරදී අබාධටය ලක්වූ පාදයම නිසාවෙන් මදක් එය වේදනා දෙමින් තිබිනි.. නමුත් ඔහු පාලක යාඕගේ වාරුවෙන් ඇවිදීමට පුරුදුවී සිටිනිසා මාලිගාවතුලට වී යසනයේ සැතපී සිටීමම අවශ්ය නොවුනේය...
එලෙස පාලකගේ සහයෙන් උද්යානයට පැමිනි වංජි විශාල ගසක් වටා තනාතිබූ බැම්ම මත ප්රවේශමට අසුන් ගත්තේ එය සන්ධ්යා කාලය වූබැවින් මදක් අවට පරිසරයේ සුන්දරත්වය දැක බලා ගන්නා ආසාවෙනි..
පරිසරය මෙන්ම වංජිගේ සිතද බොහෝ සාමකාමීය.. සංසුන් ය.. විටින් විට මතකයට නැගෙන වූශියෑන් ගේ කවටකම් ඔහුගේ මුවගට සියුම් සිනහවක් ගෙන ආවේ ඔහුටත් නොදැනීමය..
විටෙක සුවදුක් විමසීමට විටෙක පුත්කුමරුන් බැලීමට , විටෙක යම් කාරනාවකට යැයි කියමින් ඔහු සොයා එන අදිරජු කාරනාව නොපවසාම ඔහු හා බොහෝ වේලා කතා බස් කරමින් හිද පිටව යන්නේ පැමිනි කාරනාව වෙන කිසිවකුත් නොව තමා අසලින් සිටීමට ඇති ආශාව බව වංජි හට අවබෝද කරවමිනි...
තවත් විටෙක තමා සැතපී සිටිනා විට අදිරජුන් තමා සොයා පැමිනියහොත් මද වේලාවක් තම හිස පිරිමදිමින් සිටින බවටද වංජි දැන සිටියේය.. ඒ සියල්ලගෙන්ම ඔහුට වැටහී තිබුනේ අදිරජුන්ගේ සිතෙහි තමා කෙරෙහි යම් සතුටු දායක හැගීමක් ඇතිවී ඇති බවටය.. නමුත් ඉක්මනින් ඊට ප්රතිචාර දැක්වීමට වංජිගේ සිතෙහි කිසිදු අදහසක් නොවුනේය.. මදක් අගය කොට ලබාදෙන සෙනෙහස අන් සිල්ලටම වැඩියෙන් වටිනා බව තමාම අවබෝද කර සිටි නිසාවෙන් වංජිද එලෙසට කිරීමට සිතා සිටියේය..
නමුත් ගෙවීයන මොහොතක් පාසා වූශියෑන් ගේ ක්රියාකලාපය වංජිගේ ඒ සීමාමායිම් සියල්ල බිද දමන්නට සමත්වී තිබුනේය.. කෙතරම් උත්සහ කලත් තවමත් තමා අදිරජුන් ප්රතික්ෂේප කරනා බව ඇගවීමට බොහෝ අවස්තාවලදී වංජිගේ ඒ උත්සහයන් අසාර්ථක වන්නේ ඔහුගේ හදවතේ ඇති සැබෑ හැගීම් පිටතට පෙන්නුම් කරනා නිසාවෙනි..
වංජි එවන් අවස්තාවලදී තම දෙකන් රත්පැහැ ගන්වාගෙන ඉවත බලා ගන්නේ දෙතොල සපාගෙන තමාට සමච්චලයට සිනාසෙන වූශියෑන් ගේ බැල්මෙන් මිදීමේ අරමුනෙනි ...
එලෙසට සිනහසුනත් වූශියෑන් කිසිවිටකත් වංජිගෙන් ඒ පිලිබදව හෝ ඔහුගේ සිත පිලිබදව විමසන්නට හෝ ඒ බව හැගෙන යමන් විමසන්නට උත්සහ කරන්නෙ ද නැත... එය වංජිගේ සිතට යම් අස්වැසිල්ලක් ගෙනෙන්නටද සමත් වනන්නේය..
YOU ARE READING
𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪 ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )
Fanfictionහැ..හැ..හැකිද ඔබ ..ඔබතුමන්ට.. එ..එ.එක් වර..ක් මා..හට.. ආ..ආදරයෙ...න් ආ..මන්ත්රණය කරන්න..💙 ල..ල ලාන් චාන්..❤ ❤️ xianwang 💙 / ❤️ zhanyi 💚