❤️ 11. වෛරය 💙

751 133 37
                                    

බොහෝ වේලා හඩමින් සිටි වංජි මෙන්ම , තමාගේම ලෝකයක තනිවි සිටි ආ චෙන්ග් නුත් දිර්ග වේලාවක් නින්දට වැටුනේ දෙදෙනාගේම කුස ගින්නද අමතක කර දමමිනි.

අදිරාජිනීයනී.. අදිරජුන් පැමින සිටිනවා..

අදිරාජිනියනී..

අදිරාජිනියනි .. අදිරජුන් පැමින සිටිනවා.

පාලක යාඕගේ හඩට ව්ංජිගේ ප්‍රතිචාරයක් නොමැති විට වූශියෑන් පැවසුවේ,

දොරටුව විවර කරන්න.

නමුත් උතුමානනී..

විවර කරනු..

අදිරජුගේ නියෝගයට පිටු පෑ නොහැකි හෙයින් පාලක දොරටුව විවර කල අතර මැදුර තුලට පිවිසි අදිරජු වංජිව සොයා ගියෙය.. පලමු කුටියේ දෙදෙනා නොවූ හෙයින් නිදන කුටියට ඇතුල් වූ වූශියන්ට දැක ගත හැගි වූයේ තමපුතු තුරුලු කරගෙන සැතපී සිටින අදිරාජිනියන්වය... ශබ්ද නොනැගෙන ලෙස සයනය අසලට ගිය වූශියෑන් දෙදෙන දෙස බැලුවේ ය.. තම පුතු සුරතල් සිනහවක් මුවෙහි රදවාගෙන ඔහුගේ සිහින අතරේ නිදා සිටියදී.. අදිරාජිනිය කදුලින් පෙගීගිය රත්පැහැ කම්මුල් සහිතව සැතපී සිටින ආකාරය ඔහුට දැක ගත හැකි විය.. පෙර තමාගේ හැසිරීම කෙරෙහි යම් පසුතැවීමක් සිතෙහි තොබුනත් ඒ පිලිබදව තැකීමක් නොකල අදිරජු ,අදිරාජිනිය ගේ උරහිසට අත තබා මදක් ඔහුව සෙලවූයේය..

දෙතුන් වරක් සෙලවීමෙන් අනතුරුව වංජි තම බරවූ ඇසි පිය විවර කල අතර බොදවූ දෑසට මුලින්ම දැක ගත හැකි වූ අදිරජුගේ රුව නිසාවෙන් ඔහු ඉක්මනින්ම යහනේ අසුන් ගත්තේය..

ස්..ස්වාමීනි ..

අසුන් ගත් වංජි ඉක්මනින් තම සලු නිසිලෙස සකසා ගනිමින් පැවසූ අතර කිසිත් නොපැවසූ වූශියෑන් හැගීම් විරහිත දෑසින් යුතුව වංජි දෙස බලා සිටියේය..

ඉක්මනි සලු සකසාගෙන යහනෙන් නැගීසිටි වංජි සැපසේ නිදා සිටින කුමරුවන් හොදින් ආවරණය කර යලිත් වූශියෑන් දෙසට හැරුනේය..

ඔබතුමන් හදිසියේම මෙහි පැමිනියේ...

මට මාගේ පුතු දැක ගැනීමට ඔබෙන් අවසර ගත යුතුද..

𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪  ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )Donde viven las historias. Descúbrelo ahora