එසේ ඔහු බලාසිටින අතර තුර එක්වරම කුටියේ පිටතින් උස් හඩින් කෙරෙන බැන වැදීමක් කන වැකුනේය..
නුබ නොදන්නෙහිද පාලක මා කවුරුන්ද යන වග... කෙසේද නුබ මෙසේ මා වලකාලන්නේ... කරුනාකර අපට ඇතුල්වීමට ඉඩලබා දෙනු..
................
ඔහු පුර්ශයෙකු වුවත් ඔහු මාගේ මුනුබුරෙක් වැනියි.. එනිසා මෙවන් අවස්ථාවක මා ඔහු අසල සිටීම ගැටලුවක් නැහැ... වහා ඉවත් වනු...
...............
අදිරජු ගේ අණ ... අදිරජු ගේ අණ .. කෙසේද ඔහු එලෙසට මා හට අණ ලබා දෙන්නේ.. එසේම මට වංජි හා කතා කිරීමට අවශ්‍යයි ..
...............
කුමක්ද ඔහු සිහිසුන්... පවසනු නුබලා එලෙසද නුබලාගේ රාජකාරි ඉටුකරන්නේ... ඔහුට විශ ශරීරගත වනතෙක් නුබලා කුමක්ද සිදුකලේ... වහා ඊට පිලිතුරු ලබා දෙනු...
.............
සංසුන් වන්නේ කෙසේද යූ.. මේ අඥානයින් මෙලෙසට ක්‍රියාකරන විට.. ඔහු තවමත් කුඩා දරුවෙක් වැනියි.. ඉතින් කෙසේද ඔහු මා බිය නොවී සිටින්නේ... අනෙක මෙහි සම්පූර්ණ වරද මා අතෙයි.. මායි ඔහු මේ මාලිගයට ගෙන ආවේ..
...............
හ්ම්ම්ම්... වෙදදුරු ප්‍රතිකාර කර අවසන්දැයි බලා එනු...
දෝවගර් රැජිනිය ,මව් රැජිනිය හා අදිරාජිනිය ගේ ප්‍රධාන පාලක අතර කෙරුනු කතාබහෙන් දෝවගර් රැජිනිය ගේ හඩ පමණක් ඇසුනත් වෙදදුරු ශියාඕ ට ඔවුන් කතිකා කලේ කුමක් සම්බන්ධවද කියා වටහා ගැනීමට අපහසු වූයේ නැත... එනිසා කුටියට පිවිසෙන ද්වාරය දෙස ඔහු බලා සිටියේ පාලක යාඕ එහි ඇතුල්වන තුරුය..
වෙදදුරු තුමා..
පාලක යාඕ වෙදදුරු ශියාඕ ඇමතුවේ පහත් හඩිනි..
පාලකතුමා..
පිටත දෝවගර් රැජිනිය හා මව් රැජිනිය රැදී සිටිනවා.. අපට නොහැකියි මෙතුමන්ගේ සැබෑතත්වය එතුමියන්ලාට දැන ගැනීමට ඉඩ ලබා දෙන්න ... එනිසා ඔබතුමන්ට හැකිද තව සුලු වේලාවක් මෙහි රැදී සිට ප්‍රතිකාර අවසන් නොමැතිබව හැගවීමට...
හොදයි මා එසේ කරන්නම්.. ඔබ එතුමියන්ලාව පිටත්කර හැරීමට උත්සහ කරන්න...
BẠN ĐANG ĐỌC
𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪 ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )
Fanfictionහැ..හැ..හැකිද ඔබ ..ඔබතුමන්ට.. එ..එ.එක් වර..ක් මා..හට.. ආ..ආදරයෙ...න් ආ..මන්ත්‍රණය කරන්න..💙 ල..ල ලාන් චාන්..❤ ❤️ xianwang 💙 / ❤️ zhanyi 💚