❤️ 37 .කෝපයෙන්💙

808 138 30
                                    

වංජිගේ සැලසුම්  යටතේ පෙර සිටි අගබිසවුන් වෙනුවෙන් දුගීන් උදෙසා ආහාර ලබා දීමේ වැඩසටහන ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් වී තිබූ අතර  ඒ වන විට ගෙවී ගියේ වංජි හා වූශියෑන් පෙම්වතුන් ලෙස , ආදරනීය සැමියෙක් හා බිරිදක් ලෙස එකිනෙකා හා දිවුරුම් දී සයවන දිනයයි.. එම දිවුරුමට සත්දිනක් එලබෙන දිනයේ වංජි අදහස් කෙරූ පරිදි දුගී දාන ශාලාව විවෘත කිරීමට නියමිතව තිබූ අතර  ඒ වනවිටත් මුලු අගනුවර පුරාවටම ඒ සුභ ආරංචිය පැතිර යමින් තිබිනි...

දිනකට එක් වේලක්වත් තම කුස පුරවා ගැනීමට නොහැකි වූ දුගී ජනයා එය කන වැකීමෙන් බොහෝ සතුටට පත්ව සිටි අතර ඔවුන් තම අදිරාජිනිය පිලිබදව ඉතාමත් ඉහලින් කතා බස් කලෝය...

ඒ සියල්ලක්ම එලෙසට සිදුවද්දී වංජිගේ හා වූශියෑන් ගේ ප්‍රේමයද දිනෙන් දින දලුලා වැඩෙමින් තිබිනි... ගත්වූ සෑම දිනකම වූශියෑන් තම පුතු හා බිරිද සමග රාත්‍රියේ සැතපීමට පුරුදු වී සිටි අතර එදිනත් වූශියෑන් තම ආදරනීයනී බිරිද සොයා ඔහුගේ මැදුරට ගමන් කරනා විට දැක ගැත හැකිවූයේ කෙදිනකවත් දැකීමට බලාපොරොත්තු නොවූ කෙදිනකවත් දැසීමට බලාපොරොත්තු නොවූ සිදුවීමකි..

ඔහු වංජිගේ මාලිගය වෙත යන අතරමග අදිරාජිනිය ගේ මාලිගා භූමිය ආරම්භයේ  පවතින එහි උද්‍යානය වෙත ඇතුලු එව ද්වාරය අසලදී ඉන් පිටත සිටම උද්‍යානය තුලට බැල්මක් හෙලුවේය.. මන්ද අදිරාජිනියගේ පාලක පාලිකාවන් සියලුදෙනා එහි රැස් වී සිටි නිසාවෙනි... සාමාන්‍යයෙන් ඔවුන් එසේ එකිනෙකා පිටිපස පේලියකට සිට හිස නමා සිටින්නේ වංජි ඒ අසල සිටිනා විටදීය.. ඒ බව දන්නා වූශියෑන් හොදින් වටපිට බැලුවේ රාත්‍රී නවයේ හෝරාවටද ආසන්නව පවතිද්දී වංජි උද්‍යානයට වී කුමක් කරවාද යන්න දැන ගැනීමටය.. නමුත් එසේ වටපිට බලූ වූශියෑන් හට දැකගැනීමට හැකිවූයේ තම දෑත් කොපයෙන් මිටමෙලවන දසුනකි..

උද්‍යානය ආරම්භ වන කෙලවරේ තබා ඇති එක් සමාන්‍ය ප්‍රමානයේ අසුන් ගතහැකි පර්වතයක් මත වංජි අසුන්ගෙන සිටියේය... නමුත් ඔහු අසුන්ගෙන සිටියේ තනිව නොවේ... ඒ අසල පෙර දිනකදී වූශියෑන් ගේ හදවත ඊර්ශ්‍යාවෙන් පිරවූ ජියැන්ග් ශෙන්ග් කුමරුන්ද අසුන්ගෙන සිටියේ.. ඔවුන් දෙදෙනා  එකිනෙකා හා සමිපව අසුන්ගෙන සිටි අතර එය වූශියෑන් ගේ සිතට තදබල වේදනාවක් ගෙන වුන්නේය...

𝕀𝕞𝕞𝕠𝕣𝕥𝕒𝕝 𝕄𝕖𝕞𝕠𝕣𝕪  ❤ ⓧⓘⓐⓝⓦⓐⓝⓖ 💙 ( Complete )Место, где живут истории. Откройте их для себя