මේ ශෝකාන්තයක් නොව; මේ ආදරයේ ඇරඹුමයි...!
අප දෙදෙනා එක්ව බෙදාගත්, ලොවකට රහසේ පබැඳූ, අපේම ආදර කතාවයි.
නොනවතින අභිප්රායකින්, වේගයෙන් පෙරට ඇදෙන කෝච්චියේ ජනෙල් හරහා රැයේ අඳුර අතරින් සුලු මොහොතකට පෙර පෙනුනු කෙත්වතු හා සාරවත් තණබිම් වෙනුවට දැන් පෙනෙන්නේ වේගයෙන් ආපස්සට යන විදුලු බුබුලු පිරුණු නගරයකි. තදාසන්න මාර්ග හා කලබලකාරී ජනයාගේ දැකෙමෙන් මේ ලඟා වූයේ කොළඹට බව මම තේරුම් ගත්තෙමි. කෝච්චියේ කර්කශ හඬ දෙකනේ ඇතිකල අසහනකාරී වේදනාව පරදා රැයේ සීතල මා ගත වෙලාගත්තේ ආත්මය හරහා සීතල හිරියක් යවමිනි.
දිගු සුසුමක් ඉහලට ඇදගත් මම සීතල සුළං වැලැක්වීමට ජනේලය වසා දැම්මෙමි. මගේ එම කුඩා චලනය මා තුරුලේ නිදා උන් ඔහුව අර්ධ වශයෙන් අවදි කිරීමට ප්රමානවත් විය. මදක් එහා මෙහා වූ ඔහු සීතලට පොරවාගෙන සිටි මගේ සුදු කමිසය තුල තවත් හරි බරි ගැහෙමින් වකුටු වූයේ මගේ තුරුලට තවත් ලං වෙමින් ය. මම ඔහුගේ සිනිදු හිසකෙස් අතරින් ඇගිලි යැවුවෙම්.
ලොවක් අතහැර ඔහු මේ යන්නේ මා මත පමනක් විශ්වාසය තැබූ ගමනකි.
ආදරය මිනිසුන්ව පුදුමාකාර ලෙස වෙනස් කරයි. ආදරය ජීවිතයට එක් කරන්නේ නැවුම් උණුසුම් හැඟීමකි. එම හැඟීම හිතේ ඇති කරන්නේ අපරිමාන ආත්ම විශ්වාසයකි. එය සමහරවිට විනාසයකට මුල විය හැක. නමුත් මේ ඇරඹුම විනාසයක් නොවන තැනට කටයුතු කිරීම මා සතු වන වගකීමක් වීම මා පවා පදුමයට පත් කරයි.
"ගුරු සිත නොරිදවා
වේලාව නොවරදවා
බැති පෙම් උපදවා
අකුරු උගනී කුමරු සොදවා"බැති පෙම්? සමහරවිට කවියා ප්රේමය යන වචනය කවියට එක් කලේ පද ගැලපීමට පමනක් විය යුතුය. නමුත්, ගුරු සිතට පෙම් බැඳි පවට උපන් ගම් දෙගුරුන් අතහැර ඔහු මේ යන්නේ මා සමඟ අරඹන නව දිවිය ගැන නින්දේ සිහින දකිමින් ය.
මගේ සිතුවිලි දාමය බිදුනේ කොළඹට ලඟා වූ බව අපට දැනවීමට කෝච්චිය නැඟි වේදනාබර විලාපය නිසාය. අවදි වූ ඔහුද තම නිල් පැහැ දිදුලන දෑස් හැර මා දෙස බලා සිනහවක් පෑවේය. මේ ආදර කතාවේ මුල වූ මගේ ගමන ඇරඹුනේද මෙලෙස කෝච්චියකිනි. නමුත් මම එදින සිටියේ තනිවය...
මේ ආදරයේ අවසානය නොව.
මේ හුදෙක් ඇරඹුමක් පමනි.
...
YOU ARE READING
අවසන් සඳ
Randomජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්රේමයේ උතුංග දායාදයන...