"සිහිනගේ අම්මලා හරි හොඳයි වගේ" මා දෙස බලමින් ඔහු කීවේ මා ඔහුට දුන් මගේ සීනි කූර පොඩි එකෙකු මෙන් සතුටින් උරමිනි. සීනි කූර ලොලි පොප් එකක ප්‍රාථමික අවධිය වැන්න. ඝණ ඉරටු කූරක කේතුවක හැඩයක් එන ලෙස සීනි ඝණ කර තිබූ අතර එය ලෙවකෑම ලොලිපොප් එකක් ලෙවකෑමට වඩා අපහසු වූයේ ලොලිපොප් එකක මෙන් සම්පූර්ණ ව්‍යූහයම කටේ දමාගැනීමට නම් අඟල් හයක වත් දිගු උගුරක හිමිකාරකයෙකු විය යුතු නිසාය.
"ඒ මොකෝ එහම කීවේ?" මම ඇසුවෙමි.
ගොං කරත්තයේ බිමට පිදුරු එලා එයට උඩින් ඝණ රෙද්දක් දමා උක්කුං අපට සුවපහසු නිදි යහනක් සාදා දුන්නේය. ඔහු තමාට නිළමේ කෙනෙකු හා ඉස්කෝලේ මහත්තයෙකු හා සමව නිදාගත නොහැකැයි පවසා අනෙක් කරත්තකරුවන් සමඟ ගහක් යට පැදුරු එලාගත්තේය.
සල්පිල අනර්ඝ මතකයක් වීය. පොඩි නිළමේ මුලු කාලය පුරාවටම මගේ සෙවනැල්ලේ සැඟවී කිසිවෙකු හා කතා කිරීම ප්‍රතික්ෂේප කරමින් මා හා ඇවිද එන්නට වූ අතර අප හා එක්වූ සදකැන් හා මගේ පන්තියේ අනික් කොළු රැල ගැහැනු ලමයින්ට කවටකම් කරමින් ද මට සිදුවන සියළු දේ පැහැදිලි කර දෙමින්ද අප හා ගමන් කරන්නට වීය.
ඔවුන් අපව විවිධාකාර පානයන්ගෙන්ද, හිසරදය ගෙනදෙන තරම් රසකැවිලි වලින් ද සංගීතයෙන් හා නැටුමින් ද පිරවූයේය. රාත්‍රිය එළඹීමත් සමඟ සියළු තැන් පන්දම් එළියෙන් හා ගිණි ගොඩවල් වලින් ආලෝකමත් හා උණුසුම් උනේ ඉතා අලංකාර දසුන් මවමිනි.
පොඩි නිළමේ කරත්තයේ දිගා වී හිස මගේ උකුලේ තබාගෙන සිටියේ ය. මා කරත්ත ඇන්දට හේත්තු වී දෙපා දිගහැර වාඩි වී සිටියේ පොඩි නිළමෙට සුවපහසු අසුනක් සාදා දෙමිනි.
"එයාලා හරිම සතුටින් ඉන්නව වගේ. අපේ අම්මයි අප්පච්ංචී නම් කවදාවත් ඒ වගේ මගෙත් එක්ක කතා නොකරාවි" ඔහු කීවේය.
"අපේ අම්මලා තාම පොඩි අය වගේ. එයාලට මං ගැන ගානක් නෑ... මම හිටියත් එයාලා සතුටින්, නැතත් එයාලා සතුටින්"
"හ්ම්... අඩුමතරමේ සිහිනගේ අම්මලා සතුටින් වත් ඉන්නව නේ!"
ඔහුගෙ දෑස් වැසෙන සේ වැටී තිබූ රත්‍රන් පැහැ කෙස් කිහිපයක් මම සෙමින් ඉවත් කලෙමි.
YOU ARE READING
අවසන් සඳ
Randomජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්රේමයේ උතුංග දායාදයන...