අවසානයේ ඔහු පැමැණියේ ය.
පොඩි මැණිකේ ඈ සතු හොඳම ඇඳුමින් සැරසී සිටියත් අමුත්තා පිලිගැනීමට යාම ඈ තරයේ ප්‍රතික්ෂේප කලාය. අමුත්තන් කෙරේ සෑම විටම උදාසීනත්වයක් දක්වන පොඩි නිළමේ සෝල්දරයට වී සිටි අතර අවසානයේ අමුත්තා පිලිගැනීමට ඉතුරු වූයේ මා පමනි.
සිංහල ඇඳුමට බම්බු ගහගන්න කියා සුපුරුදු කොට කලිසමින් හා සුදු කමිසයෙන් සැරසී, සෙනසුරාදා උදයේ ඔවුන් එන විට මා සිටියේ පිලෙහි වූ පුටුවක වාඩි වී ළමයින්ගේ ඇගයීම් ලකුණු විශ්ලේෂණය කරමිනි.
කරත්තෙන් බට මහ නිළමේ මට ප්‍රසන්න සිනහවක් පෑවේ කලකින් නොදුටු අසහාය මිතුරෙකු දුටුවාක් මෙනි. මා පුටුවෙන් නැගිට සුදු වැලි මිදුලට බැස්සෙමි. ලොකු මැනිකේද මා අසලට පැමිණ මගේ නළලට හාදුවක් දුන්නාය.
"හපෝ... මං වස පාලුවෙන් හිටියේ පොඩි ඉස්කෝලේ මහත්තයා නැතුව!" ඈ මගේ කෙස් අවුස්සමින් කීවාය. මා ඈට සිනහවකින් සංග්‍රහ කලෙමි.
උක්කුං ලෑලි පෙට්ටි දෙකක් කර තබාගෙන වලවුව වටෙන් කුස්සිය දෙසට යන අතරේ මට හිසනමා ආචාර කලේය. අවසානයේ කරත්තෙන් බැස්සේ උඩගෙදර පොඩි නිළමේතුමා ය. ඔහු තවදුරටත් පොඩි නිළමේ කෙනෙකු නොවන බව මට සිහි වූයේ එවිටය! දැං ඔහු උඩගෙදර මහ නිළමේ ය!
"නිළමෙතුමා, ආයෙත් මුනගැහුන එක සතුටක්" මම අතට අත දෙමින් කීවේය. ඔහු වලගැසෙන කම්මුල් ඇති සිනහවකින් මට සංග්‍රහ කලේය.
"ආයෙත් මුනගැහුන එක සතුටක් ඉස්කෝලේ මහත්තයා" ඔහු කීවේය. ඔහු නොදුටු ටික කලට බොහෝ සේ වෙනස් වී සිටියේය. ඝණ රැවුල සම්පූර්ණෙන්ම කපා තිබූ ඔහුගේ කැරලි කෙස් නළල වසා පැතිරී තිබුනේ ඔහුට ඉතාම ලාබාල පෙනුමක් ලබා දෙමිනි.
"උඩගෙදර නිළමේගෙයි මාතර මැණිකේගෙයි හදිසි අභාවය ගැන කණගාටුයි" එතරම්ම කණගාටුවක් නැතත් මා සිරිත් පරිදි කීවෙ මි. එයට ඔහු මලානික සිනහවකින් පිලිතුරු දුන්නේය.
"කොල්ලනේ වරෙල්ලා ඇතුලට, මහන්සී ලෙසටම! කෝ මේ අපේ ළමයි?" මහ නිළමේ තම කාමරයට යන අතරේ කීවේය. මම එයට පිළිතුරක් දීම මගහැරියෙමි.
VOUS LISEZ
අවසන් සඳ
Aléatoireජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්රේමයේ උතුංග දායාදයන...