මගේ කාමරයේ උළුවස්සට හේත්තු වී සිනහවකින් වක් වූ දෙතොල්ද ඇතිව මා බලා සිටියේ මෙගේ ඇඳේ ගුලිවී සැපට නිදාගෙන සිටින පොඩි නිළමේගේ කුඩා රුව දෙසයි.
පුහුණුවීම් වලින් අනතුරුව මා හැකි ඉක්මනින් පාසලින් පිටත් උනේ පොඩි නිළමේ වලවුවේ සිටින්නේ තනියම යන සිතුවිල්ල මගේ සිතට වද දුන් නිසා ය. වලවුවේ පිටුපස දොරින් ඇතුලට ඒමට පෙර උක්කුං තබා ගොස් තිබූ බාගෙට නිවුනු උණුවතුර බේසමෙන් ඇඟපත සෝදාගෙන එනගමං කුස්සියෙන් කැවුම් ගෙඩියක්ද සොරාගෙන මගේ බඩුමුට්ටු සාලයේ තබා මා මුලින්ම පොඩි නිළමේගේ කාමරයට ගියේ ඔහු එහි ඇතැයි බලාපොරොත්තුවෙනි. නමුත් මගේ පුදුමයට මෙන්ම බියටත් හේතු වෙමින් ඔහුගේ කාමරය හිස්ව තිබුනි. ඉන්පසු මා කෑම කාමරයේද, පිලේ හාන්සි පුටු වලද ඔහු සෙවුවත් ඔහු පෙනෙන්නට නොසිටියේ ය. ඔහු සිටීවි යැයි මා අවසානෙටම බලාපොරොත්තු වූ ස්ථානය මගේ කාමරයයි.
ඔහුගේ නිදන ඉරියවුව ඔහුට උරුම ඉරියවු වලින් මාගේ ප්‍රියතම ඉරියවිව විය. ඔහුගේ සිහින් දෑත් උදරය මත සැහැල්ලුවෙන් වැතිරී තිබුනු අතර මුහුන පැත්තකට හරවා ඔහු නිදාසිටියේ මගේ කොට්ටය මත ඔහුගේ රත්‍රන් පැහැ කෙස් සෑම අතම විසුරුවමිනි.
කිසිම ශබ්දයක් නොකිරීමට වගබලා ගනිමින් සෙමෙන් සෙමෙන් ඇඳ දෙසට ගිය මම එහි පසෙකින් හිඳගත්තෙමි. ඔහුගේ ඇඟට වඩා විශාල කමිසය දකුණු ඇලයෙන් උඩට ඉස්සී තිබුනේ ඔහුගේ ඇත් දළ පැහැ සම හිරු එලියට නිරාවරණය කරමිනි. මගේ පාලනයකින් තොරවම මගේ අත ඔහුගේ නිරාවරිත ඉනෙන් නතර උනේ එයට විරුද්ධව මගේ මොළය ප්‍රතිචාරයක් දැක්වීමට ප්‍රථමවයි.
ඔහුගේ සම මේ ලොව ඇති සිනිදු යැයි දැනෙන සියලු දේ එකවර මතක් කර දෙන්නාක් මෙන් වීය. අළුත උපන් බිළිදෙකුගේ මෙන් වූ නැවුම් සමකින් ඔහුගේ වක්වූ ඉන හැඩවී තිබුනේ ඒ ස්පර්ශයෙන් මිදීමට නොහැකි වන ලෙස හදවත ඒ වෙත ඇබ්බැහි කරමිනි. ඔහුගේ සිනිදු සමේ පහසට යොමු වූ අවධානය ඇතිව සිටි මා හට ඔහු අවදි වී දෑස් හැර මා දෙස පුදුමයෙන් බලා සිටින බව තේරුනේ මද වේලාවකට පසුවයි.
කුමක් කරන්නදැයි සිතාගත නොහැකිව මාද ඔහු දෙස පුදුමයෙන් බලා සිටියෙමි. හොරා බඩුත් සමඟම හසුවී හමාරය! නමුන් මගේ පුදුමයට හේතු වෙමින් ඔහුගේ දෙතොල් සිනහවකින් වක් වීය.
YOU ARE READING
අවසන් සඳ
Randomජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්රේමයේ උතුංග දායාදයන...