ඔහු සිටියේ තණතිල්ලේ වැතිරීගෙන ය. ඔහුගේ කමිසය ඔහුට පසෙකින් දමා තිබුනි. සරම කෙටි කොට හැඳ තිබූ අතර සිහින් දෙපා ඉතාම අලංකාර ලෙස නිදහස්ව වැතිරී තිබුනි. රත්‍රන් කහ වන් කෙටි කෙසුත්, මුතු ඇටයක මෙන් කිරිපාට හමත් මවිල් ගසක සේයාවක්වත් නොතිබූ පපුවත් නිසා ඔහු ඉසිලුවේ කොහෙත්ම සිංහල පෙනුමක් නම් නොවේ. පිටරට සුදු පැටවෙකුටත් වඩා ග්‍රීක දේව පැටියෙකුගේ ආභාශයක් ගැන්වූ හැඩරුවින් සරිත හෙතම මේ සිංහල කමේ මූලාරම්භයක් බදු වූ වලවුවක නම් දකින්න ලැබෙන තාලයේ පුද්ගලයෙකු නොවීය.
ඔහු සිටියේ බළලෙකු මෙන් අවුව තපිමිනි. අවුවට ලා රෝස පැහැ ගැන්වී තිබූ ඔහුගේ කම්මුල් බාබි ඩෝල් ගේ පිරිමි වර්ශන් එකක් මෙන් විය. දීප්තිමත් රතු දෙතොලත් වැසී තිබූ දෑසත් නිසා පිළිරුවකට සමාන කලාත්මක අලංකාරයක් ඇති ඔහුගේ ශරීරෝපාංගයන්-
"අහ්ම් අහ්ම්!......!" මම ගැස්සී ගියේ මගේ පිටුපසින් කවුරුන් හෝ උගුර පාදනවා ඇසීමෙනි. වහාම හැරී බැලූ මට නෙත ගැටුනේ මා මෙතෙක් දැක ඇති ලස්සනම කතුන් අතරින් කිරුළ හිමි විය යුතු තරුණියකි. ඔසරියකින් හා මාල පොටකින් සැරසී සිටි ඇය මහ නිළමේගේ හා ලොකු මැණිකේ ලක්ශණවල මනා සංකනයක් වීය. අතේ තේ බන්දේසියක් දරා සිටි ඇය මා දෙස ලැජ්ජාශීලී සිනහවක් පෑවාය.
"මම තේ ගෙනාවා" කියූ ඇය තේ බන්දේසිය අසල පොත් මේසය මත තැබීය.
"පොඩි මැණිකේ වෙන්න ඔනේ?" මම ඇයගෙන් ඇසුවෙමි. ඇගේ මුහුන විශ්මයෙන් පිරී ගියාය.
"කොහොමයි දන්නේ?"
"බලපුගමන් කියන්න පුලුවන් මහ නිළමෙගේ කවුරුහරි කියලා. ලොකු මැණිකෙගෙ ඇස් දෙක එහෙම්මම පිහිටලා තියෙද්දී ඉතිං මේ පොඩි මැණිකේ කියලා හොඳට තේරෙනවානෙ" මම සිනහවක්ද සමඟ කීවෙමි. ඇය ලැජ්ජාවෙන් ඇඹරෙයි.
"තේ බොන්ඩකෝ ඒනම් ඕං. මොනාහරි කලමනා ඕනේ නං උක්කුවට කියතෑකි" ඇය කීවාය.
"එහෙමයි පොඩි මැණිකේ!" මම හිස නමා ආචර කරමින් ඔච්චමට මෙන් කීවෙමි. වයස විස්සක් තරම් පෙනෙන ඇය ඔසරි පොටින් මූන වසාගෙන කිංකිණි සිනා පාමින් මගේ කාමරයෙන් ඉවතට දිව ගියාය.
BẠN ĐANG ĐỌC
අවසන් සඳ
Ngẫu nhiênජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්රේමයේ උතුංග දායාදයන...