සදාකාලික වේදනාව

1.4K 363 24
                                    

"සිහින, නින්ද ගිහින්ද?" පොඩි නිළමේ මිමුනුවේ මැදියම් රැයේ වලව්වේ නිහැඬියාවට බාධා නොවන අයුරිනි.

"ම්ම්..." මම නින්දගොස් නැති බව ඇඟවීමට මිමුණුවෙමි. ඔහු මා සමඟ නිදනා විට නින්ද යනු මගෙන් බොහෝ ඈතින් තිබූ දෙයකි. අඳුරට ඇස හුරු වූ පසු ලා අළු හෙවනැලි අතරේ තද පැහැයෙන් පෙනෙන ඔහුගේ කුඩා සෙවනැල්ලේ අලංකාර හැඩතල ද, තාලයකට වැටෙන හුස්ම පොද ද නිරීක්ෂණය කිරීම මාගේ නවතම හා ප්‍රියතම ක්‍රියාකාරකම වී තිබුනි.

"මට සිහිනට දෙන්න දෙයක් තියනවා"

මා ඇඳේ ඉඳගත්තෙමි. මා අනුගමනය කරමින් ඔහුද නිදන ඉරියවුවෙන් ඉඳගැනීමේ ඉරියවුවට මාරු විය. ඔහු ඇඳ අසල බිම තබා තිබූ ඔහුගේ කටු සිතුවම් පොත අතට ගෙන එය පෙරලා එය තුලින් කොළ මිටියක් ගත්තේය.

"මේ අර සිහින මට ලියන්න කිවුව විචාරේ" ඔහු එය මා අතට පත් කරමින් කීවේ ය. කළුවරේ එය කියවිය නොහැකි උනත් ලා සඳ එළියේ කොළය මත හැඩවී තිබූ ඔහුගේ සිතුවම් වැනි අත් අකුරු මගේ දෑසට හසු විය.

"අහ්... මම හෙට මහ නිළමෙලාටත් ලියුමක් ලියනවා. ගුණේ අතේ යවන්න කියලා හිටියේ. මේකත් ඒත් එක්කම කොළඹට තැපැල් කරන්නම්."මම ප්‍රවේසමෙන් එම කොළ මිටිය ඇඳ අසල තබා තිබෙන කුඩා මේසයේ තැබුවෙමි.

"සිහින, ඒ මහාචාර්යතුමා ඕකට කැමති වෙයිද?" ඔහු මට පසෙකින් එරමිණියා ගොතාගෙන වාඩිවී සිටි අතර මා තවම කකුල නැමිය නොහැකි නිසා දෙපා දිගහැර ඇඳ විට්ටමට හෙත්තු වී සිටියෙමි.

"ම්... උදේට කියවලා බලන්නම් කෝ මම. ආය අහන්න දෙයක් නෑ...පොඩි නිළමේ හොඳට ලියනවා නේ" මම ඔහුගේ හිසට තට්ටුවක් දමමින් කීවෙමි. මගේ අත සෙල්ලමට මෙන් ඉවතට ගසා දැමූ ඔහු බිම බලාගත්තේය.

"බැරිවෙලාවත් මට කොළඹ යන්න හම්බුනොත්?" ඔහු ඇසුවේය.

"පොඩි නිළමේ අකමැතීද කොළඹ යන්න?"

"අකමැත්තක් නෙමේ සිහින. අක්කා බැඳලා ගියාට පස්සේ අම්මයි අප්පච්චියි උක්කුංවයි වලවුවයි ඉහත්තාවයි බලාගන්න ඉන්නේ මම විතරයි. මම එයාලව දාල කොළඹ යන එක හරිද?" ඔහුග්‍රෙ හඬ වේදනාවකට වඩා පිරී තිබුබේ වරදකාරී බවකි නි.

අවසන් සඳWhere stories live. Discover now