මහ නිළමේ මාව වත්තම් කරගෙනවිත් සාලයේ හාන්සි පුටුවේ මාව වාඩි කල පසු මට මදක් කලන්ත ගතියක් දැනුනත් මද වේලාවකින් එය යතා තත්වයට පත් වීය.
"මගේ දෙයොයෝ!! මොනාද මේ කරගත්තේ!" මා ඉදිරියේ දණගසා සිටි ලොකු මැණිකේ කලබලයෙන් රෙදි කැබැල්ලක් උණු වතුරේ පොඟවමින් සිටියේ සාලයේ බිම පුරා වතුර බිංදු ඉසිමිනි. පොඩි මැණිකේ මගේ අතට වතුර කෝප්පයක් දුන්නාය.
"මොකද උනේ පොඩි ඉස්කෝලේ මහත්තයා?" මහ නිළමේ ඇසුවේය.
මම මොහොතක් ගෙන ඇත්තටම උනේ මොකක්දැයි කල්පනා කලෙමි. මා සිටියේ කුස්සියේ ය. ලොකු සර් හා ඉස්කෝලේ හාමිනේද ඇතුලුව සියලු ළමුන් පරිස්සමින් පිටත් කළ මා වලවුවට පැමින උක්කුං ලෑස්ති කොට තිබූ උණු වතුරින් ඇඟ සෝදාගෙන වලවුවට ඇතුලු වුනා මතකය. අසීමිත බඩගින්නකින් පීඩා විඳිමින් සිටි මා කුස්සියේ වලං වල පියන් ඔසවා බලමින් සොයමින් සිටියේ කෑමට යමකි. සමහරවිට මම, උක්කුංට අමතකව බිම දමාගොස් තිබූ කැත්ත, කළුවරේ නොදකින්නට ඇත. මා කැත්ත දුටුවේ එහි පැටලී තවත් මුට්ටි කිහිපයක්ද සමඟ බිම පතබෑවුනු පසුවය!
මගේ නළල තදින්ම පොළවේ වැදුනු බැවින් මට කෑගැසීමට අවස්තාවක් නොලැබුනි. නමුත් මාත් සමඟ බිම වැටුනු වළං බිඳුනු හඬ ඇසුනු වලවුවාසීන් කුස්සියට දුවගෙන ආවේ ශබ්දය ගැන විමසීමට මිසක් මා මුනිං අතට බිම වැටී සිටිනු දැකීමට නම් නොව! ඒ වන විටත් කුස්සියේ බිම පුරා ලේ ගලමින් තිබුනු බැවින් මහ නිළමේ සියල්ලටම ප්‍රථම වෙද මහතා එක්කගෙන එනු පිණිස උක්කුංව පිටත්කලේය. ඉන්පසු ඔහු මාව ඔසවාගත්තේය. මා සාලයේ හාංසි පුටුවේ නැවතුනේ එලෙස ය!
මා මගේ කකුල දෙස බැලුවෙමි. වලලුකරේ නැමෙන තැනින් අඩසඳක හැඩයට කටක් ඇරුනාක් මෙන් දරුණු කැපුමක් වූ අතර මගේ පාදය කොහෙත්ම සාමාන්‍යය නොවන දිශාවකට ඇඹරී තිබුනි. කැපුමෙන් නොනවත්වා ගැලූ ලේ සාලයේ රතු සිමෙන්ති පොළව මත කුඩා විලක් සාදා තිබුනි.
"වැටුන නේ!" මා මහ නිළමේගේ පැණයට පිළිතුරු දෙමින් කීවෙමි.
"වැටුනා තමා! කැත්තට හොඳටෝම කැපිලා! ඇටකටුත් පේනවද මංදා!මම අර උක්කුවට කී පාරක් නම් කියලා තියේද කැත්ත බිම දාල යන්ඩ එපා කියලා! ඇති ඔයිං බේරුනා!" මහ නිළමේ කීවේ ය.
YOU ARE READING
අවසන් සඳ
Randomජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්රේමයේ උතුංග දායාදයන...