පොරොන්දු හා බලාපොරොත්තු

1.5K 340 16
                                    

මම වහා ඔහුව නැගිට්ටුවා පුටුවකින් ඉන්දවීමි. මුහුනට වතුර ගසා අතටත් වතුර බෝතලයක් දුන් පසු මා නිහඬවම ඔහු දෙස බලා සිටියෙමි.

ඔහුගේ කලු කැරලි කෙස් දෑස් වසා වැටී තිබූ අතර වෙවුලන දෑතින් අලාගෙන සිටි බෝතලය දෙස ඔහු එක එල්ලේ බලා සිටින්නට වීය.

ඔහුගේ එම ඉරියවුව මට සිහි කලේ සැමී ය. ඔහු නමින් සමීර වීය. අම්මලා විසින් මම ඉතා කුඩා කලයේදීම ලොකු නැන්දා බාරයේ මාව තබා යෑම නිසා මා හැඳුනේ වැඩුනේ තනිවම ය. මේ සඳහා පිලියමක් ලෙස ලොකු නැන්දා යොදා ගත්තේ සැමී ය.

සැමී ලොකු නැන්දාගේ ළඟම මිතුරියකගේ පුතෙකි. මට වඩා වසර තුනකින් වැඩිමහලු වූ ඔහු එවකට නුවර පාසලක නේවාසිකව අද්‍යාපනය හදාරමින් සිටි අතර වාර නිවාඩු කලට හෝ සති අග දිගු නිවාඩු කාල වලදී ඔහු මා හා ලොකු නැන්දා සමඟ වාසයට පැමිනෙන්නේ ඔහුගේ දෙමව්පියන් වැඩිහරියක් ඔවුන්ගේ නිවසේ නොවූ බැවිනි.

සැමී කැරලි කෙසින් හෙබි මසින් පිරුණු අත්ගොබ ඇති රගර් ක්‍රීඩකයෙකි. නමුත් මා සමඟ සෙල්ලම් කරන විට දී හෝ මා සමඟ කාලය ගත කරන විට හුදෙක් කුඩා දරුවෙකු වීය. මා සමඟ තොර තෝංචියක් නැතිව පාසලේ හා ඔහුගේ රගර් කණ්ඩායමේ විස්තර කීමට හුරුව සිටි ඔහු නිවාඩු කලට අපේ ගෙදර එන තුරු ඇඟිලි ගනිමින් බලා සිටින්නට තරම් මා ඔහුට කැමැත්තෙන් සිටියෙමි.

මට වඩා වැඩිමලෙකු වූවද මා ඔහුට අයියා කීවේ නැත. ඔහුද මට මල්ලී කීමෙන් වැලකී සිටියේ ය. මට ඔහු 'සැමී' විය. ඔහුට මම 'ගයේ' වීය.

මේ අයුරින් උසස්පෙළ නිම කල ඔහු පූර්ණ කාලීනව අප සමඟ වාසයට පැමිනියේ ය. එවකට මා සිටියේ සාමාන්‍යපෙළ හදාරමිනි. ඔහු හා දවස ගෙවමින් ගත කල කාලය මගේ දිවියේ ස්වර්ණමය මතකයන් අතරේ ඉහලින්ම තිබෙන්නකි.

නමුත් එක් දිනක් පාසල් ඇරී නිවසට ආ මට දැකගත හැකි වූයේ අප දෙදෙනා සහයෝගයෙන් භාවිතා කල කාමරය මැද ඔහු සිහිසුන්ව වැටී සිටින ආකාරයයි. ඔහුගේ වමතේ වැලමිටේ ඇතුලු පැත්තේ එන්නත් කටුවක් ඇමිනී තිබූ අතර ඔහුගේ සිරුර අසාමාන්‍ය නිල් පැහැ ගෙන තිබුනි.

අවසන් සඳDonde viven las historias. Descúbrelo ahora