ගමේ සුවඳ

4.9K 444 29
                                    

කෝච්චියෙන් බට මම දැන් පැය තුනක පමන කාලයක් තිස්සේ ඩක ඩක ගා අමුතු හඬක් ඇසෙන බඩවැල් එලියට එන ලෙස ගැස්සෙන කොයි මොහොතේ කෑලි ගැලවේදැයි බිය උපදවන සුලු පාන් බාගයේ බස් රථයක ජනේලයක් ලඟ අසුනක වාඩි වී සිටිමි. ජනේලයෙන් පෙනෙන්නේ අස්වැද්දූ කෙත් වතුය. නාගරීකරණයේ සාපයෙන් ඉඳුල් නොවූ සුන්දර ගමක දසුනක් ය.

'ඉහල ඉහත්තාව ග්‍රාමීය කණිෂ්ඨ පාසල'

මම මගේ අතේ වූ පත්වීම් ලිපිය දෙස මේ තුන් පැයේදී දසවෙනි වතාවටත් බැලුවෙමි.

"පලවෙනි ගුරු පත්වීම! දුශ්කර ඉස්කෝලයක්! ලමයිනුත් වැඩිය නැති වේවි. මිස්ටර් ගයේශ්ට තියෙන්නේ ඔය පොඩි උං ටිකට මොන මොනවහරි උගන්නගෙන ඔය අවුරුදු දෙක ඉවර කරන්නයි. ඉටපස්සේ කොළඹ ලඟ ඉස්කෝලෙකට මම මාරුවීමක් හදලා දෙන්නම්කෝ."

ලේකම් තුමා මට පැවසූවේ එලෙසය. අවුරුදු දෙකක් පමනි. ම්ම්ම්... ටික කාලයයි නේ!

ඉහල ඉහත්තාවට මගේ පළමු ගමන මෙයයි. කාත් කවුරුවත් නොදන්න කුඩා ගමක මගේ ගුරු ජීවිතය ඇරඹීමට සිදු වීම එක් අතකට මට ගෙනදුන්නේ නොඉවසිලිමත් බලාපොරොත්තුවකි. උසස් අද්‍යාපනය හමාර කල විගසම මෙලෙස අඩු වයසකින් රැකියාව ලැබෙන්නේ කීයෙන් කීදෙනාටද..!

ඉහල ඉහත්තාව වචනයේ පරිසමාප්තියෙන්ම ගමකි. ගෝලීයකරණය විසින් මේ ගම මහැරියාක් වැනි පෙනුමක් එය ඉසිලීය. ගමටම දුවන්නේ එක බස් රථයකි. එය යන්නේද සතියකට සැරයකි. ඉස්පිරිතාලයක් වෙත යාමට දින දෙකක පමන ගමනක් යා යුතුය. මේ සියල්ල මම දැනගත්තේ කෝච්චි නැවතුම්පලේදී මා සමඟ සුහද කතාවකට වැටුනු ටිකට් බලන්නාගෙනි.

"මහත්තයට නම් පිස්සු ඉහත්තාවට ගුරු පත්වීමක් ගන්න!" ඔහු කීවේ එලෙසය. "අපේ මහත්තයලට කියන්න, ඔය ගමට ගුරුවරයෙන් යන්නේ දැං අවුරුදු තුන හතරකට පස්සේද කොහෙදෝ! හද්දා පිටිසර, මගත්තයෝ! කොළඹ ඉදං ආපු මහත්තයත් වැඩි කල් නොයා ආපහු යාවි! ඕනේ ඔට්ටුවක්, මහත්තයත් ඉකමනටම මාරුවීම හදාගනී..!"  ඔහුගේ වචන මගේ දෙකනේ රැවුදෙයි.

නමුත් මම නම් බලාපොරොත්තු වන්නේ කෙසේ හෝ අවුරුදු දෙකම නිමා වන තෙන් රැඳී සිටීමටය. මොකද මම එනකං බලං ඉන්න පවුලක් ඉන්නව කියල යෑ..! මම තනිකඩයාය. මව, පියා මා ලොකු නැන්දා සමඟ ලංකාවේ දමා එතෙර ගියේ එතෙර මුදලින් මට ඉගැන්වීමටය. වසරකට පෙර ලොකු නැන්දා මළේය. අම්මා අප්පා කීවේ ලඟදීම යලි ලංකාවට ඒමට නොහැකි බවයි. ඉතිං මොකෝ? මම දැං ලොකුයි නේ! මට තනියම ඉන්න පුලුවන්! අම්මලා හිමීට එන්න. කමක් නෑ...

අවසන් සඳDove le storie prendono vita. Scoprilo ora