එදින රැයේ පොඩි නිළමේ සෝල්දරයට පැමිණියේ රාත්‍රිය ගත කිරීමටයි.
ඔහු ඔහුගේ කටු සටහන් පොතත් පැන්සල්, මකන හා අඟුරු කූරු ද රැගෙන මගේ දොර ගාවින් මතු උනේ රාත්‍රී එකොළහත් පසු වී ය.
"සිහිනට කරදරයක් නැත්තං මම අද රෑට සෝල්දරේ නිදාගන්නද?" ඔහු මිමුනුවේය සුපුරුදු පරිදි මගේ අතේ තිබූ ඉටිපන්දම නිවා දැමූ පසුවය.
"හපෝ මොන කරදරයක්ද! එන්න පොඩි නිළමේ ඇතුලට. මම ඊයේ සෝල්දරේ අතුගාල සුද්ද කලා" මම ඔහුට සිනහවකින් සංග්‍රහ කොට කීවෙමි.
"ඉස්තූතියි" ඉන්පසු ඔහු කිසිවක් නොකියාම සෝල්දරයට නැග අතුරුදහන් වීය.
මා මගේ කාමරයේ ඇඳට වී කල්පනා කරමින් සිටියේ පොඩි නිළමේ මොනවා කරනවා ඇත්ද කියාය. ඔහු චිත්‍ර අඳිනවා විය යුතුය. නැතිනම් ඔහුට දැනටමත් නින්ද ගොස් ඇත.
ඔහු කරන දෙයින් මට පලක් නැත; මා මටම කියාගන්නට උත්සාහ කලෙමි. මා මගේ පාඩුවේ සිටිය යුතු අතර ඔහුට ඔහුගේ පාඩුවේ ඉන්න හැරිය යුතුය!
කෙසේ වෙතත් අවසානයේ කුතුහලයෙන් මඩිනු ලදුව මා සෝල්දරයට නැගුනෙමි. ඔහු මෙට්ටයේ වාඩි වී සිටියේ බිත්තියට පිටදීගෙනය. උකුල මත තබාගෙන සිටි පොතේ ඔහු යමක් අඳිමින් සිටියේය. මා මගේ පැමිණීම සැල කිරීමට උගුර පෑදුවෙමි. පොතෙන් හිස එසවූ ඔහු මා වෙත ප්‍රශ්නාර්ත බැල්මක් හෙලුවේය.
"මමත් එන්නද?" ඔහු හිස වනා එකඟතාවය පලකල නිසා මම සෝල්දරයේ මැදින් වාඩි උනෙමි.
කෙසේ සංවාදයක් අරඹන්නදැයි සිතාගත නොහැකිව මම බොහෝ වෙලා එලෙසින් නිහඬව සිටියෙමි. නිහඬව සිටීම කලාවක් කරගෙන සිටි පොඩි නිළමේ ද කිසිවක් කියන බවක් නොපෙනුනි.
"මේ... මට දෙයක් ගැන පොඩි නිළමෙගේ අදහස දැනගන්න ඕනේ" මම අවසානයේ කීවෙමි. ඔහු සිතුවම මදකට නතර කොට ඔහුගේ සම්පූර්ණ අවධානය මා වෙන යොමු කලේය.
"මේ... බඳින්න කලින් දෙන්නෙක් ආදරේ කරන එක ගැන පොඩි නිළමේ මොකද හිතන්නේ?"
ඉහත්තාවේ අනෙක් වාසීන්ට වඩා පොඩි නිළමේ හිතන විදිහ වෙනස් ය. ඔහුට ඇත්තේ නිදහස් මනසකි. එමෙන්ම සහසක් පොතපතින් ලද දැනුමෙන් හෙතෙම බොහෝ තලතුනා වී සිටියේය. ඕනේම දෙයක් දෙස විවිධාකාර පැති වලින් බලා ඒ ගැන විස්තර කිරීමට ඔහුට ඇත්තේ අගනා හැකියාවකි.
YOU ARE READING
අවසන් සඳ
Randomජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්රේමයේ උතුංග දායාදයන...