විවේක කාලය වේලාවේ මම මගේ ගුරු කාමරයට වී බලා සිටියේ සඳකැන් පැමින මා හමුවන තුරුය. මම හතේ පංතියේ පොඩි එකෙකු අතේ පණිවිඩයක් යැවුවේ විවේක කාලයේ පැමින සඳකැන්ට මා හමුවෙන්න කියන්න යැයි කියාය. එම බ්ට්ටා පණිවිඩය දෙන්න ඇතැයි මා විශ්වාස කරමි.
මේ සතියේ මගේ සති අන්තය ඉතාම නිහඬ හා නිස්කලංක වීය. ලොකු මැණිකේ රත්නපුරේ විසූ අගතා නම් ඇගේ නෑදෑ කෙනෙකුට දරුවකු ඉපදී සිටි නිසා ඈ සති අන්තයේ රත්නපුරේ ගොස් යලි පැමිනියේ පෙරදා රැයේය. මහ නිළමේද ආදායම් වියදම් වාර්ථා සමඟ කාර්‍යබහුල වී සිටි අතර ඔහුව මා දුටුවේ රාත්‍රී කෑම මේසයේ පමනි. පොඩි මැණිකෙගේ විවාහ භීතිකාව මසකට කල් ගොස් තිබූ නිසා ඈ සිටියේ ඉතාම සතුටිනි. ඈ මා සමඟ බොහෝ වෙලා කතා කරන අතර එම සංවාදයන් බොහෝ විට විශ්වය ගැන, ලෝකය ගැන හෝ පොඩි නිළමේ ගැන විය.
පොඩි නිළමේ නැවත ඔහුගේ සාමාන්‍යය ජීවන රටාවට බැස තිබුනි. උදේ ආහාරය වෙලාවේදී කෑම මේසයට එන ඔහු ලොකු මැණිකේ හා මහ නිළමේ එහි නැති නිසා පොඩි මැණිකේ හා මා සමග කෙටි සුහද සංවාදයේ යෙදෙයි. දිවා ආහාරයට නොපැමිනෙන ඔහුව මම ඊළඟට දකින්නේ මගේ ජනේලය ඉදිරිපිට තණ තිල්ලේ වැතිරී අවුව තපින විටය. ලොකු මැණිකේ නැති නිසා සවස තේ වේල මගේ කාමරයටම ගෙනෙනු ලැබූ අතර ඉන්පසු රෑ කෑම වේලාව තෙක් මම පොඩි නිළමේගේ කාමරයට වී පොත් කියවයි. ඔහු ඒ කාලය පුරාවටම නිහඬව සිතුවම්කරණයේ යෙදෙයි.
ඔහු බොහෝවිට සම්පූර්ණයෙන්ම වාගේ නිහඬ වීය. කතාකලේ බොහොම ටිකකි. මා ඔහුගේ සමාගම ප්‍රිය කලේ ඔහුගෙ මේ තැම්පත් ගති පැවතුම් නිසාය.
මම මගේ අත දෙස බැලීමි. රාත්‍රී සාජ්ජය දින රැයේ ඔහු හපාකෑ තැන තද දම් පැහැයෙන් මගේ සමේ ඉලිප්පී පෙනුනි. එය මම අත ඔසවා කලු ලෑල්ලේ ලියන සෑම විටම මගේ නෙත ගැටුනේ ඒ සෑම මොහොතකදීම ඔහුව මගේ මනසට ඇදගනිමින් ය. ඔහුගේ රත්‍රන් පැහැ කෙස්, නිල්-අළු පැහැ දෑස්, කිරි පැහැ සම හා බළලෙකු ගේ වැනි සිහින් කුඩා සිරු-
"සර් මම ඇතුලට එන්න ද?" එක්වරම ගැස්සී ගිය මා දුටුවේ ගුරු කාමරයේ දොර ලඟ සිටගෙන සිටි සඳකැන් ගේ රුවයි.
KAMU SEDANG MEMBACA
අවසන් සඳ
Acakජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්රේමයේ උතුංග දායාදයන...