"සිහින මොකෝ බර කල්පනාවක?"
මගේ ඇඳ මත වාඩි වී බිම ගෑවෙන්නට තරම් දික් නොවූ කකුල් පොඩි එකෙකු මෙන් පද්දමින් සිටි පොඩි නිළමේ ඇසුවේ අප අතරේ බොහෝ වෙලා තිබූ නිහැඬියාව බිඳිමිනි. සාමාන්‍යයෙන් ඔහු නිහඬතාව රකින්නකු නිසා මා ඔහුගේ ඒ කීමෙන් මදක් පුදුමයට පත් උනෙමි.
"ඉස්කෝලේ වැඩ වගේකට හිර වෙලා ඉන්නේ... මොනවා කරන්නද තේරෙන්නෑ...!" මම චක්‍රලේකය එහෙ මෙහෙ පෙරලමින් කීවෙමි.
කෙසේ වෙතත් ළමයින් මා කියූ පරිදිම පසුදා රචනා ගෙනැවිත් තිබූ අතර දැං ඒවා මගේ මේසයේ මිටි පිටින් ගොඩගැසී ඇත. අනෙක් ශීර්ෂ වලට තෝරාගත් ළමෝ මා කී පරිදි පුහුණු වී සිටි අතර ඔවුන්ගේ ඇත්තේ ඉතාම අගනා සැඟවුණු දක්ෂතා බව මා වටහා ගත්තෙ මි. ගුණේ සාර්ථක ලෙස ඔහුගේ කතාව කලත් ගැමි වහර හා කථාවක මූලික සැකැස්ම නොමැතිකම ඔහුගේ අඩුපාඩු වීය. නමුත් ඒවා හොඳ පුහුණුවකින් නිවැරදි කළ හැකි වැරදි ය.
සවස තේ වේලාවෙන් පසු මා සාමාන්‍යයෙන් රෑ කෑම වන තුරු පොඩි නිළමේගේ කාමරයේ පොතක් කියවයි. නමුත් අද මා සාමාන්‍යය චර්‍යාවෙන් වෙනස්ව මගේ කාමරයට වී තරඟ සඳහා වැඩ කල නිසා පොඩි නිළමේ මා සොයා මගේ කාමරයට පැමිණියේ මා පුදුමයට පත් කරමිනි.
"මොකක්ද ඉතිං වැඩේ?" ඔහු ඇසුවේ ය. ඔහු සාමාන්‍යයෙන් කතා කරන්නේ නැත. ඔහුගේ මේ අමුතු හැසිරීම මාගේ කුතුහලය ඇවිස්සීය.
"සිංහල භාශාව හා සාහිත්‍ය තරඟ වලට ලියුම් ඇවිත්. මේ දවස් වල ලමයි එක්ක ප්‍රැක්ටිස්" මා කීවෙමි.
"ආහ්... ඉස්කෝලේ මහත්තයා මොකෝ කීවේ? දිනන්නම ඔනි කීවද?"
"නෑ... ලොකු සර් නම් කීවේ සහභාගී කරපුහාම ඇති කියලා. ඒ උනාට මේ ළමයි හරිම දක්ශයි. ටිකක් මහන්සි වෙලා ප්‍රැක්ටිස් කලොත් සමස්ත ලංකා යන්නත් බැරි වෙන එකක් නෑ..." මම කීවෙමි.
"සිහිනට ගොඩක් මහන්සි වෙන්න වේවි එහෙනම් මේ ටිකේ... මම කොහොමද උදවු කරන්න ඕනේ?"
මම ඔහුගේ මේ ත්‍යාගශීලී අනුකම්පාවට හදවතින්ම ස්තූතිවන්ත වීය. ඔහු ට අවශ්‍යව ඇත්තේ මට උපකාර කිරීමටයි.
YOU ARE READING
අවසන් සඳ
Randomජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්රේමයේ උතුංග දායාදයන...