භයානක ඇත්ත.

1.4K 356 24
                                    

සඳුදා උදේ රැස්වීම සාමකාමී ව පැවතුනේ විනාඩි විස්සක් පමනි. ඉන්පසු සියල්ලෝම කලබලකාරී ව බියෙන් මවිත කරමින් මිහිරි කලන්තේ දමා ඇදගෙන වැටුනේය!

මා එය සිදුවන බව දැන සිටියෙමි. ඈගේ සිරුර භායානක අයුරින් කෘශ ය. දෑස් වෙහෙසය. මා පොඩි මැණිකේ හරහා දැනගත් පරිදි ඈ රාත්‍රිය පුරා අවධිව ජීවිකාවක් ලෙස ඉදල් සෑදිමට ඉරටු ගෑමේ නිරත වෙයි. නිවසේ බොහෝවිට උයන්නේ ඇය ය. රෙදි සෝදන්නේ ඇය ය. ළිඳෙන් වතුර අදින්නේ ඇය ය. ඈ මෙතෙක් කල් කලන්තේ නොදමා සිටීම අගය කල යුත්තකි!

අපේ බුද්ධාගම ගුරුවරිය එක ස්ත්‍රී ගුරුවරියගේ භූමිකාව අගේට රඟදක්වමින් මිහිරිව වාරු කරගෙන ගුරු කාමරයට රැගෙන ගිය අතර ලොකු සර්ගේ අනුදැනුම ඇතිව උදේ රැස්වීම දිගටම කෙරීගෙන ගියේය. මා ඒ අතරේ හෙමීට එතනින් මාරු උනේ මිහිරි මගේ පන්තියේ සිසුවියක් නිසා ඈ ගැන මා සොයා බැලිය යුතු යැයි සිතුනු බැවිනි.

මා ගුරු කාමරයට යන විට බුද්ධාගම ගුරුවරිය ඈව ගුරු මේසයක් මත තබා ඇගේ ටයි පරිය ගලවා ඉවත් කොට ඇගේ මුහුන හා ගෙල තෙත ලේන්සුවකින් පිසින අතරේ ඈට ගුරුඅත්පොතකින් පවන් ගසමින් සිටියා ය.

මා උගුර පාදා මාගේ පැමිණීම සැල කලෙමි.

"අහ්, පොඩි සර්. මෙන්න මේ ළමයට පවන් ටිකක් ගහන්නකෝ. මං ගිහිං ලොකු සර්ගේ කාමරෙන් බේත් මොනාහරි ගේනකං" ඈ ගුරු අත්පොත මා අතට දෙමින් වේගයෙන් කාමරයෙන් ඉවතට ගියේ මා මිහිරි සමඟ එහි තනි කරමිනි.

ඈ මා වෙත දුක්බර බැල්මක් හෙලීය.

"දැං අඩුද?" මම ඇසුවෙමි.

"එහෙමයි සර්" ඈ අපහසුවෙන් වාඩිවීමේ ඉරියවුවට මාරු වෙමින් කීවාය. මම ඈට වාඩි වීමට වාරු දුන්නෙමි. එහෙමෙහෙ වී තිබූ ගවුම හරිගස්සාගත් ඈ ඇගේ උකුල දෙස නෙත් යොමාගෙන නිහඬව සිටින්නට වීය. ඈ කෙරෙන් දිස් වූයේ වේදනාවකටත් වඩා පසුතැවීම හා කලකිරීමයි.

"මිහිරි, නොකා නොබී ඉන්න එපා. මොනවහරි නිතරම කන්න. කන්නේ නැතුව ඉදලා මිහිරිත් ලෙඩ උනොත් නංගිලා දෙන්නව බලාගන්නේ කවුද?" මං කීවෙමි.

මගේ පුදුමයට හේතු වෙමින් ඈ දෑතින්ම මුහුන වසාගෙන ඉකි ගසමින් හඬන්නට වීය. මා මහත් අපහසුතාවට පත්ව කුමක් කරම්දැයි සිතාගත නොහී ගුරු කාමරයේ මැද ගුරු අත් පොත අතින් දරාගෙන පඹයකු සේ ඈ දෙස බලා සිටින්නට වීය.

අවසන් සඳTahanan ng mga kuwento. Tumuklas ngayon