"අපිට යන්න පරක්කු වෙන්නේ නෑ කියලා ශුවර් ද? ලොකු මැණිකේ බනීවි." මම අපිට ඉහලින් අතු බෙදී පැතිරී ඇති හරිත වියන දෙස බලාගෙන කීවෙමි.
"නෑ. එයාලට මම නෑ කියල ගානක් නෑ. අනික රෑ වෙන්න කලින් වලවුවට යාගන්න තිබ්බා නම් ඇති" මට පසෙකින් පොළවේ වැතිරී සිටි පොඩි නිළමේ කීය.
එය විලකි. වැවක් තරම් විශාල නොවුවද පොකුණකට වඩා විශාල හෙයින් මම එය විලක් යැයි සිතමි. අපි ආපසු යන අතරමගදී යි පොඩි නිළමේ මට ඒ ගැන කීවේ. ඔහු කියූ වචන මට තවමත් මතකය,
"සිහින ගමේ පරිසරයට හරි කැමතී නේද?" පොඩි නිළමේ හිටිහැටියේම ඇසුවේය.
"ඔවු.. මෙහෙ හැමතැනම කොළපාටයි. නිහඬයි. නිස්කලංකයි." මම පිළිතුරු දුන්නෙමි.
"කොළ පාට නැතුව, නිල් පාට දෙයක් බලන්න යමුද?" ඔහු ඇසුවේය.
"නිල් පාට?"
අපි මේ විල් ඉස්මත්තේ නතර වූයේ ඒ අයුරෙනි. පොඩි නිළමේ උක්කුංට කරත්තයේ රැඳී ඉන්නැයි කීවේය. කරත්ත පාරෙන් හැරී වනය තුලට ගස් ගල් අතරින් දුශ්කර ලෙස ටික දුරක් ගමන් කල පසු වාතයේ සිදුවන හදිසි වෙනස්වීම පහසුවෙන්ම හඳුනාගත හැක. අවට උෂ්ණත්වය හිටි හැටියේ පහල බසී. පරිසරයේ කොළ පැහැය ලා කොළ පැහැයට හැරෙන්නේ සෞම්‍ය කාලගුණයක් මවමිනි. විල හමුවන්නේ ඉන් පසුවයි.
එය විශාල ගල් කුලකි. සිසිල් දිය උල්පතක මූලාරම්භයකි. ගලේ ඇති පැලුමකින් උල්පතක් මතුවී ඇති අතර ඉතා කුඩා දිය සීරාවක් හරහා විලට ජලය ලැබේ. මඩ පොළව වෙනුවට විල් පතුල පිරිසිදු කළු ගල් තලාවකි. කැඩපතක් වැනි පිරිසිදු ජලය රැඳී නොපැවතී ගලා යාම නිසා අඩි පහක් පමන ගැඹුරැති විල් පතුල විවිධ හැඩයේ හා වර්ණයේ රවුම් ගල් වලින් හැඩ වී තිබුනි. ඒ අවට පුරාවටම සරුවට සැදුනු රූස්ස ගස් ය. ඒවාගේ අතු යාවී වියනක් සේ සෑදී තිබුනේ අවුවෙන් ජලය රත් වීම වලක්වාගනිමින් ය.
පොඩි නිළමේ තණතිල්ලේ වැතිරුණු අතර මම ඔහුට පසෙකින් එරමිණියා ගොතාගෙන වාඩි වී සිටියෙමි.
"පොඩි නිළමේ මේ තැන ගැන දන්නේ කොහොමද?" මම ඇසුවෙමි.
"පොඩි කාලේ අප්පච්ංචී මාව එක්කං ආවා. දැං මම නිතරම එනවා. මෙතන ඉඳං වලවුවට ටික දුරයි" ඔහු කීවේය.
KAMU SEDANG MEMBACA
අවසන් සඳ
Acakජීවිතයේ, අපට ජීවය දෙන ආදරණීය ප්රේමණීය මෙන්ම වේදනාකාරී මතකයන්ද ඇත. ඒ මතක, හුදෙක් හදවතට ගෙන එන්නේ ජීවයට ඇති ආශාවයි. කඳුලකින් නොසරසා ජීවිතයක්, ප්රේමණීය හැඟීමෙන් පුරවාලීමට මිනිසුන් වශයෙන් අප සැවොම උත්සාහ කල යුත්තෙමු. සීමා නැති ප්රේමයේ උතුංග දායාදයන...