📌️ Chapter 05 📌️

256 45 42
                                    

Minjun's Pov.

මම කාර් එක ඩ්‍රයිව් කරන් සුපර්මාර්කට් එකට ගියා. අපි තුන්දෙනාම කාර් එකෙන් බැහැලා සුපර්මාර්කට් එකට ගියා.

" මින්ජුන් අපි දෙන්නා උයන්න බඩු තෝරන්නම්. ඔයා ගිහින් ස්නැක්ස් එක්ක ඔය මොනාහරි පොඩි දෙයක් ගන්න. සෙට් එකටම වේලාවකට කන්න බැරි උනාම කන්නේ ඒවානේ "

ජියැන්ග් එහෙම කිව්වට පස්සේ මම පොඩි බඩු කූඩයක් අරන් ස්නැක්ස් සෙක්ෂන් එක පැත්තට ගියා. මම චිප්ස් , බිස්කට් , චොකලට් , ටොෆීස් , සොෆ්ට් ඩ්‍රින්ක්ස් , ඩෙසර්ට්ස් එක්ක අයිස්ක්‍රීම් ගත්තා. මම හෙට උදේට කන්න කේක් ටිකක් ගන්න ස්වීට් සෙක්ෂන් එකට ගියා. මම කේක් ටිකක් බල බල ඉද්ඳි කවුරුහරි මගේ ඇඟේ හැප්පිලා වැටෙන්න ගියා. මම ඉක්මනට එයාට වැටෙන්න නොදි එයාගේ අතින් අල්ලගත්තා. එයා ඉක්මනට කෙලින් උනා. ආහා මට වන්ග් හවුස් එකේදි මිස්ට යුබින් එක්ක දකින්න නොලැබුණු කෙනා. මිස්ට යුබින්ගේ වයිෆ් මිස් දිල්රෙබා.



 මිස්ට යුබින්ගේ වයිෆ් මිස් දිල්රෙබා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දිල්රෙබා

" මිස් ඔයා හොඳින්ද ? "

" ඕ සොරි පැටියෝ මම මේ කේක් සිහියෙන් හිටපු නිසා ඔයාව දැක්කේ නෑ. වෙරි සොරි බබෝ "

මිස් දිල්රෙබා කිව්වා.

" ඒකට කමක් නෑ මිස්. මිස්ට ප්‍රශ්නයක් නෑනේ ? "

" දිලු බබා දිලු බබා. ඔයා කොහේද ? "

මිස් දිල්රෙබා උත්තර උත්තර දෙන්න කලින් මිස්ට යුබින්ගේ කටහඬ ඇහුණා.

" යූ. මම මෙහේ. "

මිස් දිල්රෙබා අත වනමින් මිස්ට යුබින්ට කතා කරා. මිස්ට යුබින් ඒක දැකලා මිස් දිල්රෙබා ළඟට ආවා.

I Can Be Your Bodyguard ( COMPLETED )Where stories live. Discover now