📌️ Chapter 11 📌️

107 24 48
                                    

Minjun's Pov.

" හෙලෝ බබා. කියන්න "

" .............................. "

" ඕ බබා. දන්නවනේ කරන්න ඕන දේ. වෙනදා විදිහටමයි. එතැනමයි. මම එන්නම් හානේ බබා "

" ...................................... "

" බායි බබා. පරිස්සමෙන් "

මම ⁣එහෙම කියලා ⁣මගේ ප්‍රයිවට් ෆෝන් එකේ කෝල් එක කට් කරලා ඒක මගේ සාක්කුවට දාගත්තා.

මම ඉක්මනට ආයෙත් ආයුවාන් ළඟට ගිහින් එයත් එක්ක සෙල්ලම් කරා. ටික වේලාවක් යද්දි මට කාමරේ දොරට ගහන සද්දයක් ආවා.

" කවුද "

" මම ඇන් සර් "

ඈන් කියන්නේ වන්ග් හවුස් එකේ ඉන්න මේඩ්ලා දෙන්නාගෙන් එක්කෙනෙක්.

" එන්න ඈන් "

ඈන් ඩෝ එක ඕපන් කරගෙන කාමරේ ඇතුළට ආවා. එයා ට්‍රේ එකක මටයි ආයුවාන්ටයි ලන්ච් ගෙනල්ලා තිබ්බා.

" සර් මේක තියන්නේ "

ඈන් මගෙන් ඇහුවා.

" ඕක ඔය මේසේ උඩින් තියන්න ඈන්. මිස්ට යී⁣බෝයි මිස්ට ජානුයි ? "

" සර්ලා දෙන්නා ගියා සර් "

ඈන් කිව්වා.

" මොනවද ලන්ච් එකට තියෙන්නේ ? "

" නූඩ්ල්ස් ඉතාලි ක්‍රමේට. ඒ පුංචි බේබි කන්න ආසම කෑමක් නිසා හැදුවේ සර්. "

ඈන් කිව්වා.

" මගේ ප්ලේට් එක අරන් යන්න. "

" ඒත් සර්. මේක "

" අරන් යන්න. "

ඈන් කියපු දේ සම්පූර්ණ කරන්න කලින් මම මගේ ඩියුටි වලදි පාවිච්චි කරන සීතල කටහඬ එක්ක කිව්වා.

" හ.. හරි සර් "

ඈන් බයෙන් වෙව්ලමින් කිව්වා.

ඈන් මගේ ප්ලේට් එක අරන් ඩෝ එක ගාවට යද්දි මම ආය එයාට කතා කරා.

" ඈන් මම එකපාරක් දෙයක් කිව්වොත් ඒක එක සැරේම අහන්න පුරුදු වෙන්න. මම එකම දේ දෙපාරක් කියන්නේ නෑ. "

" හරි සර්. සොරි "

ඈන් මට කිව්වා.

" හ්ම්ම්. දැන් යන්න. "

I Can Be Your Bodyguard ( COMPLETED )Where stories live. Discover now